ලොව හොඳම පිතිකරුවන් කවුදැයි ඉසුරු උදාන තෝරයි

1054

“Virat Kohli, Rohit Sharma, හා Babar Azam”, මේ වන විට සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියේ ලොව හොඳම ක්‍රීඩකයින් කවුරුන්ද යනුවෙන් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පවසා සිටියා. මේ වන විට ලොව හොඳ සීමිත පන්දුවාර පන්දු යවන්නන් ලෙස ඔහු නම් කළේ Mitchell Starc, Jasprit Bumrah, Rashid Khan, හා Trent Boult. 

ඉන්දීය නායක Virat Kohli සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායමේ ක්‍රීඩා කරන ඉසුරු උදාන ලොව හොඳම සීමිත පන්දුවාර පිතිකරුවා ලෙස නම් කර තිබුණේ Virat Kohli. උදානගේ තෝරා ගැනීමට අනුව හොඳම සීමිත පන්දුවාර පන්දු යවන්නා Mitchell Starc වන අත‍ර මේ වන විට ලොව හොඳම සීමිත පන්දුවාර තුන් ඉරියව් ක්‍රීඩකයා Ravindra Jadeja.     

“මම හිතන්නේ සීමිත පන්දුවාර පිටියේ හොඳම පිතිකරුවා Virat Kohli, හොඳම පන්දු යවන්නා ලෙස මම Mitchell Starc තෝරා ගන්නවා වගේම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස Ravindra Jadeja තෝරා ගන්නවා.”

තවත් ක්‍රිකට් පුවත්:

උදාන ඉදිරියේ දී පැවැත්වීමට නියමිත  Abu Dhabi T10 තරගාවලියේ දී Bangla Tigers කණ්ඩායමේ සන්නාම ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගාවලිය එළඹෙන ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

“Abu Dhabi T10 තරගාවලිය බොහොම විනෝදාත්මක තරගාවලියක් වෙයි. අපිට ඒක ගොඩක් රසවිඳින්නට පුළුවන් වෙයි. T10 ආකෘතිය පන්දු යවන්නන්ට ටිකක් අමාරුයි. Bangla Tigers පවුලේ සාමාජිකයෙක් වන්නට ලැබීම ගැන මම ගොඩක් සතුටුයි. ක්‍රීඩකයින් සමඟ එකතු වෙලා තරගාවලිය ක්‍රීඩා කරන්න මම බොහොම නොඉවසිල්ලෙන් ඉන්නේ.”

Chris Gayle ද මෙම තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහුට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදු වීම පිළිබඳව උදාන මෙලෙස අදහස් දක්වා තිබුණා.

“Universe Bossට එරෙහිව ක්‍රීඩා කරන්න සිදුවන හැම වෙලාවකම ඔබ ඔබේ සැලසුම් හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. මම මගේ සැලසුම්  හොඳින් ක්‍රියාත්මක කරන්න තමයි බලන්නේ.” 32 හැවිරිදි උදාන විස්සයි විස්ස තරගවල දී ලකුණු 25.17ක රඳවාගෙන සිටින අතර Andre Fletcher සමඟ Abu Dhabi T10 තරගාවලිය ක්‍රීඩා කිරීමට තමන් ඉතා උද්‍යෝගයෙන් සිටින බව ඔහු පවසා සිටියා.   

“අපිට හොඳ කණ්ඩායමක් තිබෙනවා. මම බොහොම උද්‍යෝගයෙන් සිටින්නේ Andre Fletcher සමඟ ක්‍රීඩා කරන්න. අනෙක් කණ්ඩායම් වලත් හොඳ ක්‍රීඩකයින් ගොඩක් ඉන්නවා. මේ තරගාවලිය විශිෂ්ට තරගාවලියක් වේවි අපි ඔක්කොටම.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<