ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානයත් අහිමි වෙයි

Central Asian Volleyball Championship 2024

231

පාකිස්තානයේ පැවැත්වෙන 2024 මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ සිව්වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ කිර්ගිස්තානය ඊයේ (17) දිනයේ තරග බිමට පිවිසුණා. 

කෙසේ වෙතත් මෙම තරගයෙන් තරගවට 3-1 පරාජයක් උරුම කර ගැනීමටයි ශ්‍රී ලංකාවට සිදු වුනේ 

මෙහි දී තරගයේ පළමු සහ දෙවන තරගවට 25-20ක් සහ 25-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට කිර්ගිස්තානයට හැකි වූ අතර, තෙවන තරග වටයේ දී ශ්‍රී ලංකාව ප්‍රබල සටනක් ලබ දෙමින් 20-25ක් ජයග්‍රහණය ලැබීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ සිව්වැනි තරග වටය නැවතත් තියුණු සටනකින් පසු ලකුණු 25-23ක් ලෙස ජයග්‍රහණය කිරීමට කිර්ගිස්තාන ක්‍රීඩකයින් සමත් වූ අතර, ඒත් සමඟම තරගයේ ජයග්‍රහණය ද ඔවුන් සතු වුනා. 

ඒ අනුව මෙවර තරගාවලියේ තෙවන ස්ථානය කිර්ගිස්තානයට හිමි වූ අතර, ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

මේ අතර ඊයේ දිනයේ ම සත්කාරක පාකිස්තානය සහ තුර්කිමෙනිස්තානය ක්‍රීඩා කළ තරගාවලියේ අවසන් මහා තරගය තරගවට 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ පාකිස්තානය මෙවර තරගාවලියේ ශූරතාව දිනාගත්තා. 

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<