අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට CBL සමපෝෂ ඉදිරිපත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය’ 2025 ජනවාරි සහ පෙබරවාරි මාස වල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය මඟපෙන්වීම සිදු කරන අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණා.
මෙම තරගාවලිය සඳහා පාසල් පාපන්දු තරගකරුවන් 12,000 කට අධික ප්‍රමාණයක් සහභාගී වන අතර, වසර ගණනාවක් පුරාවට මෙම පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා දිවයිනේ පාසල් සියල්ල මහත් උනන්දුවකින් යුක්ත ව සහභාගී වෙනවා.
මෙම තරගාවලිය දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32 කදී, බාලක කණ්ඩායම් 492 ක් සහ බාලිකා කණ්ඩායම් 118ක් මේ සඳහා සහභාගී වෙනවා.
තරගාවලියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රාහක බාලක කණ්ඩායම් 32 ක් සහ බාලිකා කණ්ඩායම් 28 ක් වව්නියාව කේන්ද්‍ර කර ගනිමින් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.
තරගාවලියේ පළමු වටයේ තරග ජනවාරි මස 1දා සිට ආරම්භ වූ අතර දෙවන වටයේ තරග පෙබරවාරි 1, 2 සහ 3 දින වල වව්නියාවේ දී ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.
බාලක සහ බාලිකා අංශ දෙකෙහිම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල් රකින්නා සඳහා ද විශේෂ ඇගයීම් හා සම්මාන තරගාවලිය අවසානයේ දී පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.
CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“ශ්‍රී ලාංකීය පාසල් දූ දරුවන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව වර්ධනය කිරීම හා ඒ තුළින් සාමූහිකත්වය විනය, සහ අනාගත ක්‍රීඩා අභිලාෂයන් ඔප නැංවීමේ අරමුණින් CBL සමපෝෂ මෙම පාපන්දු තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනවා. දේශීය සමාගමක් හැටියට හැමදාමත් දැයේ දූ දරුවන්ගේ ඉදිරි ගමන් මග උදෙසා අතහිත දීම අපගේ අරමුණ වන අතර මෙම අනුග්‍රහය දැක්වීම තුළින් ද අප බලාපොරොත්තු වන්නේ එයයි.”
එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති, ජස්වර් උමාර් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සලකනු ලබන පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සහ සෑම පුරවැසියෙකු වෙනුවෙන් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා.
CBL සමපෝෂ 13 වන වරටත් බලගන්වන සමපෝෂ වයස අවුරුදු 14න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාවලියට මෙවරත් සහය දැක්වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙම තරගාවලිය හුදෙක් පාපන්දු ක්‍රීඩා තරගයකින් ඔබ්බට යමින් අපේ රටේ අනාගත දරු පරපුර පෝෂණය කිරීමට කටයුතු කරන තරගාවලියක්.
CBL සමපෝෂ සමග අත්වැල් බැඳගනිමින්, අපගේ පාසල් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් අගයනු ලබන තවත් අමතක නොවන පාපන්දු ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම අපගේ අරමුණයි.”
- FFSL President’s Youth Cup තරගාවලියට දින නියම වෙයි
- ශ්‍රේණිගතකිරීම් පසෙකට කර ශ්‍රී ලංකාව යේමනය අබිබවා යයි!
- AC Milan ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතය වෙනුවෙන් පෙරට එයි
- AFC ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග කාලසටහන එළිදක්වයි
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ. එස්. ඒ බණ්ඩාර ලීලාරත්න මහතා ප්‍රකාශ කළේ,
“මෙම තරගය සුවිශේෂී වන්නේ රටේ දුර බැහැර නගරවල හා ප්‍රදේශවල සිසු දරුවන්ට මේ සඳහා සහභාගී වීමට සහ තරග කිරීමට අවස්ථාව ලැබීමයි. වයස අවුරුදු 14 න් පහළ කාණ්ඩය මේවන විට සැලකිය යුතු මට්ටමකින් සහ වඩාත් හොඳින් සූදානම් වී සිටිනවා. එම නිසා අපි මෙම වසරේ තරග කිරීම සඳහා දැඩි අපේක්ෂාවකින් පසු වුණා. මෙම උත්සහයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහය වීම පිළිබඳව CBL සමපෝෂ වෙත මගේ ස්තූතිය පුද කරනවා.”
ඒ අනුව තරගාවලිය මෙවරත් ඉතා උණුසුම් අයුරින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පාසල් ක්‍රීඩකයින් සඳහා CBL සමපෝෂ ආයතනය අඛණ්ඩව ලබා දෙන දායකත්වය ශ්‍රී ලංකා පාපන්දුවේ සංවර්ධනයට ඉතා වටිනාකමක් එක් කරනවා.
දේශීය පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>