කනිෂ්ඨ රග්බි සංචිතයට ක්‍රීඩකයින් 32ක්

313
Sri Lanka U-19 rugby squad

එළඹෙන දෙසැම්බර් 11වන දා සිට 17වන දා දක්වා පැවැත්වෙන රග්බි ඒශියාඩ් තරඟාවලිය සඳහා තෝරාගත් 19න් පහල ශ්‍රී ලංකා සංචිතය, සති දෙකක පුහුණු කාලයකින් පසුව ක්‍රීඩකයින් 32ක් දක්වා අඩුකොට ඇත. ආරම්භයේදී සංචිතයට ක්‍රීඩකයන් 40 දෙනෙකු ඇතුලත් විය.

පසුගිය ලිපි: කනිෂ්ඨ ආසියානු රග්බි තරඟාවලියට 39 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

කොළඹ පාසල් රග්බි කණ්ඩායමත්, මහනුවර පාසල් රග්බි කණ්ඩායමත් අතර කොළඹදී පැවැත්වුණු රග්බි තරඟයකට පසු ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදුකල අතර පසුව පුහුණු සැසි සියල්ල ආරම්භ විය.

ඉන් තිස්දෙදෙනෙකු තවදුරටත් සංචිතය තුළ තබාගන්නා අතරම මේ වන විටත් පැවැත්වෙන ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ආබාධ රහිතව තබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත. එබැවින් 19න් පහල සංචිතයේ සිටින ක්‍රීඩකයන් ලීග් තරඟාවලියෙන් ඉවත් කරගැනීමට තීරණය කොට ඇත.

ThePapare.com සමඟින් අදහස් ප්‍රකාශ කළ 19න් පහල සංචිතයේ ප්‍රධාන පුහුණුකරු නිලූෆර් ඊබ්‍රාහිම් විශ්වාසයෙන් යුතුව පවසා සිටියේ,

“මේ පාර අපිට ලැබිලා තියෙන්නේ හොඳ සංචිතයක්. ඔවුන් ඉගෙනීමේ කැමැත්තෙන් පසුවෙනවා වගේම සෑම පුහුණු සැසියකදීම වඩාත් දියුණු වෙනවා. මං හිතන්නෙ මේ වතාවෙදි අපට හොඳ අවස්ථාවක් තිබෙනවා හොංකොං කණ්ඩායම පරාජය කරමින් ලබන වසරේ ලෝක කනිෂ්ඨ රග්බි ශූරතාවලිය සඳහා අවස්ථාව ලබා ගැනීමට”.

සංචාරය සඳහා 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගී වන අතර ඒ ක්‍රීඩකයින් 25 දෙනා ලබන 30වන දා වන විට නම් කරනු ඇත.

මේ වන විට සංචිතයේ සිටින ක්‍රීඩකයන් 32දෙනා.

  1. වගීෂ වීරසිංහ (ඉසිපතන විදුහල)
  2. අදීෂ එෂාන් (ඉසිපතන විදුහල)
  3. කුෂාන් ඉඳුනිල් (ඉසිපතන විදුහල)
  4. ලහිරු විශ්වජිත් (ඉසිපතන විදුහල)
  5. ඉසුරු උදයකුමාර (ඉසිපතන විදුහල)
  6. ගයාන් වික්‍රමරත්න (ඉසිපතන විදුහල)
  7. හරිත් බණ්ඩාර (ඉසිපතන විදුහල)
  8. රනිඳු පද්මශංක (ඉසිපතන විදුහල)
  9. සුපුන් විජේසුරිය (කිංස්වුඩ් විදුහල)
  10. උදය සංජුල (වේල්ස් කුමර විදුහල)
  11. නිඛිල ගුණධීර (රාජකීය විදුහල)
  12. අශෝක් විජේකුමාර් (රාජකීය විදුහල)
  13. නිරෝෂ් පෙරේරා (විද්‍යා විද්‍යාලය)
  14. ජනිත් ලක්සර (විද්‍යා විද්‍යාලය)
  15. තනූජ මධුරංග (විද්‍යා විද්‍යාලය)
  16. පසිඳු දුල්ෂාන් (ශාන්ත අන්තෝනි විදුහල)
  17. සැමුවෙල් මධුවන්ත (ශාන්ත අන්තෝනි විදුහල)
  18. රුමේෂ් ප්‍රියංකර (ශාන්ත ජෝශප් විදුහල)
  19. රුවින් යාපා  (ශාන්ත පීතර විදුහල)
  20. සන්දේශ් ජයවික්‍රම  (ශාන්ත පීතර විදුහල)
  21. රමේෂ් ප්‍රනාන්දු (ශාන්ත පීතර විදුහල)
  22. ධනුජ විජේරත්න (ශාන්ත තෝමස් විදුහල)
  23. අශ්වන්ත හේරත් (ශාන්ත තෝමස් විදුහල)
  24. පණ්ඩුල ද සිල්වා (ශාන්ත තෝමස් විදුහල)
  25. නවීන් හේනකන්කානම්ගේ (ශාන්ත තෝමස් විදුහල)
  26. රාහුල් කරුණාතිලක (ත්‍රිත්ව විදුහල)
  27. ශලින්ද්‍ර අලහකෝන් (ත්‍රිත්ව විදුහල)
  28. අවීෂ ප්‍රියංකර (ත්‍රිත්ව විදුහල)
  29. ලශාන් වීජේසූරිය (ත්‍රිත්ව විදුහල)
  30. අනුක් බෝයගොඩ (ත්‍රිත්ව විදුහල)
  31. සයාන් සබාර් (වෙස්ලි විදුහල)
  32. වජිඩ් ෆවුමි (සහීරා විදුහල)