ශ්‍රේණිගතකිරීම් පසෙකට කර ශ්‍රී ලංකාව යේමනය අබිබවා යයි!

Yemen vs Sri Lanka 2024

176

යේමනය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සුහද පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (16) රාත්‍රියේ සමත් වුනා. 

කටාර් දේශයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ඊයේ රාත්‍රියේ දී ආරම්භ වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ගෝල වාර්තා වුනේ නැහැ. 

කෙසේ වෙතත් තරගය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වඩාත් හොඳ තරග රටාවකට අනුගත වී ඇති බව දකින්නට ලැබුණා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ද දෙපිළෙන් ම ගෝල වාර්තා වන බව දක්නට නොලැබුණු නමුත්, එම තත්වය තරගයේ 89 වැනි මිනිත්තුවේ දී වෙනස් කිරීමට Jack Hingert විසින් සමත් වුනා. 

තරගයේ දී වාර්තා වූ එකම ගෝලය එම මොහොතේ දී Hingert විසින් වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ස්ථිර වුනා. 

ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ගෝල 1-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වන විට ඔවුන් FIFA ශ්‍රේණිගත කිරීම් හි 203 වැනි ස්ථානයේ රැඳෙනවා. නමුත් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ යේමනය වත්මන් ශ්‍රේණිගත කිරීම් හි 154 වැනි ස්ථානයේ රැඳීම විශේෂත්වයක්. 

දෙරට අතර දෙවැනි පාපන්දු තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<