Asian Games Fun Run වැඩසටහන වරාය නගරයේ දී

141
Asian Games Fun Run Held tomorrow

ආසියානු ඔලිම්පික් කමිටුවේ සංකල්පයක් යටතේ මෙම වසරේ ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන Asian Games Fun Run වැඩසටහන හෙට (07) කොළඹ වරාය නගරයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ඔලිම්පික් කවුන්සිලය විසින් නිවේදනය කළා.

සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 08 දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිත මෙවර ආසියානු ක්‍රීඩා උළෙලෙ ප්‍රචාරණය සහ එය ආසියානු කලාපයේ මිනිසුන් අතරට ගෙන යාමේ අරමුණින් මෙය සංවිධානය කර තිබෙනවා.

පුද්ගලයින් 700කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිත අතර එය අවසානයේ ශ්‍රී ලංකා ගුවන් නාවික හමුදාව විසින් සංදර්ශනයක් සහ යුද හමුදාව විසින් අංගම්පොර සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේ,

“ආසියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියාගේ සංකල්පයක් අනුව ප්‍රධාන තරගාවලියට අමතරව වෙනත් ක්‍රීඩා පවත්වන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාව පැත්තෙන් අපි මෙය පවත්වා අපිට එය කිරීමට පුළුවන් කියලා පෙන්වන්න ඕන. මේක විශාල අවස්ථාවක් වගේම අපි ඒක දෑතින්ම ලබා ගන්නවා.”

ආසියානු ඔලිම්පික් කමිටුව විසින් සැමට ආසියානු ක්‍රීඩා උළෙල “Asian Games for All” යන සංකල්පය යටතේ වැඩ කිරීම ආරම්භ කර ඇති අතර මෙම Fun Run වැඩ සටහන එම සංකල්පය ප්‍රචාරණයේ ප්‍රධාන කොටසක්.

මෙම මගින් සුපිරි ක්‍රීඩකයින්, සිසුන්, දරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් යන සියල්ල එකට ක්‍රීඩාවට යොමු කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා.

එම නිසා ආසියානු ඔලිම්පික් කමිටුව විසින් එක් එක් රටවල් හී ඔලිම්පික් කමිටු සමඟ සමීපව කටයුතු කරමින් මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කරමින් සිටිනවා.

ආසියානු මහද්වීපයේ කලාප පහම ආවරණය කරමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එයින් පළමු කලාප දෙකේ තරග පෙබරවාරි සහ මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දැනට සැලසුම් කර ඇති Asian Games Fun Run වැඩසටහන්,

  • මාලදිවයින – පෙබරවාරි 04
  • ශ්‍රී ලංකාව – පෙබරවාරි 07
  • භූතානය – පෙබරවාරි 07
  • කටාර් – පෙබරවාරි 14
  • නේපාලය – පෙබරවාරි 17
  • පාකිස්තානය – පෙබරවාරි 20
  • සිංගප්පූරුව – පෙබරවාරි 24 හෝ 25
  • පිලිපීනය – මාර්තු 02
  • ලාඕසය – මාර්තු 04
  • වියට්නාමය – මාර්තු 02
  • Brunei – මාර්තු 12

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<