FFSL President’s Youth Cup තරගාවලියට දින නියම වෙයි

FFSL President's Youth Cup 2025

53
FFSL President's Youth Cup 2025

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මග පෙන්වීම යටතේ සංවිධානය කරනු ලබන මංගල 2025 FFSL ජනාධිපති යෞවන කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳ Manchester Soccer Academy විසින් නිවේදනය කර තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවේ පළමු පෙළේ පාපන්දු ඇකඩමි 08ක් සම්බන්ධ වීමට නියමිත අතර, එමගින් දේශීය තරුණ පාපන්දු ක්‍රීඩකයින්ට සිය ක්‍රීඩා දක්ෂතා පෙන්වීමට මෙන්ම, දක්ෂතා දියුණු කර ගැනීමට ද විශාල වේදිකාවක් වනු ඇති.

මේ පිළිබඳ අදහස් දැක්වූ Manchester Soccer Academy ප්‍රධානී George Agustine මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ප්‍රධානී Jaswar Umar යන දෙදෙනා විසින් ම මෙම තරගාවලියේ ඇති වැදගත්කම සහ එය තරුණ ක්‍රීඩකයින්ට සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට තෝතැන්නක් වනු ඇති බවට ද අදහස් පළ කළා.

තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායම් අතරට Manchester SA, Colombo FC, Sounders, Java Lane, Barcelona Colombo Youth ඇතුළත් වනවා.

තරගාවලිය එළඹෙන 13 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, ජනවාරි 23 දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී සහ බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>