“කේක් කෝ සහෝදරයා”

180
(IndiaTv)

ඉන්දියාව බිහි කළ විශිෂ්ට ක්‍රිකට් තරුවක් වන ගෞතම් ගාම්භීර්ගේ උපන්දිනය ඔක්තෝබර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ලෝක කුසලාන දෙකකටම හිමිකම් කියන ගාම්භීර් ඉන්දියාවෙන් බිහි වුණු සාර්ථක ආරම්භක පිතිකරුවෙක්.

ඊයේ (14) 39 වැනි වියට පා තැබූ ගාම්භිර්ට සිය කණ්ඩායමේ සගයෙක් වුනු යුවරාජ් සිංග් උපන්දින සුබපැතුම් එක් කර තිබුණා. ඒ “කේක් කෝ සහෝදරයා” යනුවෙන් Twitter සටහනක් තබමින්.

2007 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ මෙන්ම 2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ද ඉන්දියාව වෙනුවෙන් වටිනා ඉනිම් දිවිත්වයක් ක්‍රීඩා කරන්නට ගාම්භීර් සමත් වුනා.

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 157 සීමාවට රැගෙන යමින් ගාම්භීර් ලකුණු 75ක් රැස් කළා. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ලකුණු 97ක් රැස් කළ ඔහු දෝනි සමඟ ලකුණු 109ක සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලාන ජය උදුරා ගනිමින්.

තවත් ක්‍රිකට් පුවත්:

2009 වසරේ දී ICC පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූ ඔහු එම වසරේ දී ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තා. නායකයෙකු ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL ශූරතා දෙකකට මෙහෙයවා ඇති ඔහු 2018 දෙසැම්බර් මාසයේ දී ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඉන්දියාව වෙනුවෙන් ලකුණු 10,000ක වඩා රැස් කර ඇති ගම්භීර්ට 2019 දී පද්ම ශ්‍රී ගෞරව ප්‍රදානය ද හිමි වුනා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<