MAS Silueta A හා CDB ශූරතාවය දිනාගනී

162
Silueata Champs

වෙළෙඳසේවා සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 7 වැනි දා පැවැත්වූ අතර, එහි A කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට MAS Silueata A කණ්ඩායම සමත් විය. B කාණ්ඩයේ ශූරතාවය CDB කණ්ඩායම සතු විය.

A කාණ්ඩය යටතේ කණ්ඩායම් 12ක් හා B කාණ්ඩය යටතේ කණ්ඩායම් 48ක් දින තුනක් පුරාවට (5,6,7) කොළඹ වෙළෙඳ සංගම් ක්‍රිකට් පිටියේ දී ශූරතාවය වෙනුවෙන් තරග වැදුණි.

වේගපන්දු පුහුණුකරු ධූරය රුමේෂ් රත්නායකට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධූරය සඳහා රුමේෂ් රත්නායක පත්කොට ඇත…

A කාණ්ඩය

පළමු අවසන් පූර්ව තරගය,

සඳකැන් පතිරණ වේගවත් ඉනිමක් දියත් කරමින් පිතිකරණයේ නියැලුණු අතර, ඔහු විසින් 6 පහර 3ක් හා 4 පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31*ක් ලබා ගන්නා ලදි. මෙම තරගයේ නීති රීති අනුව ලකුණු 31ක් ලබාගත් පසුව ක්‍රීඩකයා පිටියෙන් ඉවත්ව යා යුතුය. ලකුණු 69ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය MAS Silueata A කණ්ඩායම වෙනුවෙන් දෙනුවන් රාජකරුණා ලකුණු 30*ක් ලබාගෙන තම කණ්ඩායම අවසන් මහා තරගය තෙක් ගෙන එන ලදි.

Powertek Cement – 68/4 (5): සඳකැන් පතිරණ 31*,

මාස් Silueata A – 69/1 (4.5): දෙනුවන් රාජකරුණා 30*

දෙවන අවසන් පූර්ව තරගය,

මොරටුවේ දී නිමාව දුටු මෙම තරගයේ දී ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ LB ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කිරීමට MAS Unichela A කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් MAs Unichela A කණ්ඩායම ලකුණු 80ක් ලබාගත් අතර, එහි දී තිලකරත්න ඩිල්ශාන් ලකුණු 32ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත්ව යන ලදි. ඔහුගේ සොහොයුරා ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගයෙන් ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබාගත් MAS Unichela A කණ්ඩායම අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගන්නා ලදි.

MAS Unichela A – 80/1 (5): ටී. එම්. ඩිල්ශාන් 32*, ටී. එම්. සම්පත් 26

LB ෆිනෑන්ස් – 77/ (5):

අවසන් මහා තරගය

A කාණ්ඩය යටතේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට MAS Unichela A කණ්ඩායම හා MAS Silueata A යන කණ්ඩායම් සමත් විය.

MAS Unichela A කණ්ඩායම වෙනුවෙන් දෙනුවන් රාජකරුණා හා කවීන් ද සිල්වා යන ක්‍රීඩක දෙදෙනාම ලකුණු 31ක බැගින් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 80ක් ලෙස දිස්විය.

ලකුණු 81ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පැමිණි MAS Unichela A කණ්ඩායමට තිලකරත්න ඩිල්ශාන් හා ටී.  එම්. සම්පත් පිළිවෙළින් ලකුණු 21ක් හා ලකුණු 30ක් රැස්කර දුන්හ. ෆර්විස් මහරූෆ් ලකුණු 15*යි.

මෙම තරගය ලකුණු 12කින් ජයග්‍රහණය කිරීමට MAS silueata A සමත් විය.

MAS Silueata A – 80/1 (5) දෙනුවන් රාජකරුණා 31*, කවීන් ද සිල්වා 31*, චරණ නානායක්කාර 12, ටී. එම්. ඩිල්ශාන් 1/17.

MAS Unichela A – 68/2 (5): ටී. එම්. සම්පත් 30, ටී. එම්. ඩිල්ශාන් 21, ෆර්විස් මහරූෆ් 15*, ඇන්ජලෝ එම්මානුවෙල් 1/13, කවීන් ද සිල්වා 1/18.

A කාණ්ඩයේ විශේෂ ත්‍යාග,

  • තරගාවලියේ වැඩිම 6 පහර – ටී. එම් සම්පත් (MAS Unichela A)
  • හොඳම පන්දු යවන්නා – ෆර්විස් මහරූෆ් (MAS Unichela A)
  • හොඳම පිතිකරු – ටී. එම්. සම්පත් (MAS Unichela A)
  • අවසන් තරගයේ වීරයා – කවීන් ද සිල්වා (MAS Silueata A)
  • තරගාවලියේ වීරයා – සඳකැන් පතිරණ (Power – Tek Cement)

B කාණ්ඩය,

පළමු අවසන් පූර්ව තරගය –

කැන්රිච් ෆිනෑන්ස් A – 55/4 (5)                                            

CDB – 56/3 (4.5)

දෙවන අවසන් පූර්ව තරගය –

මැලිබන් බිස්කට්ස් – 64/4 (5)

Astron ලංකා – 52/4 (5)

මෙම කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මැලිබන් කණ්ඩායම සහ CDB කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මැලිබන් කණ්ඩායම ලකුණු 62ක් ලබාගත් අතර, එහි දී අංජුල පෙරේරා වේගවත් ලකුණු 25ක් සිය කණ්ඩායමට එක් කර දෙන ලදි. පිළිතුරු ඉනිම දියත් කළ CDB කණ්ඩායමේ ඒ. අකුරගොඩ හා බුද්ධික සිල්වා පිළිවෙළින් ලකුණු 25ක් හා ලකුණු 20*ක් ලබාගෙන සිය කණ්ඩායමට B කාණ්ඩයේ ශූරතාවය හිමිකර දෙන ලදි.

මැලිබන් 62/5 (5): අංජුල පෙරේරා 25, ලහිරු දුශ්ශන්ත 12, සී. එම් දික්කුඹුර 1/07, බුද්ධික සිල්වා 1/11, ඩී. පී. ධර්මසිරි 1/12, ඒ. අකුරගොඩ 1/19.

CDB 64/4 (4.5): ඒ. අකුරගොඩ 25, බුද්ධික සිල්වා 20*, චතුරංග දේවප්‍රිය 2/03, ලහිරු දුශ්ශන්ත 1/19.

B කාණ්ඩයේ විශේෂ ත්‍යාග,

  • තරගාවලියේ වැඩිම 6 පහර – ඩබ්. පී. ඩී. පී. ධර්මසිරි (13) (CDB)
  • හොඳම පන්දු යවන්නා – රිසිත් උපමාල් (මැලිබන්)
  • හොඳම පිතිකරු – ඩබ්. පී. ඩී. පී. ධර්මසිරි (CDB)
  • අවසන් තරගයේ වීරයා – බුද්ධික සිල්වා (CDB)
  • තරගාවලියේ වීරයා – ඩබ්. පී. ඩී. පී. ධර්මසිරි (CDB)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට