බුවනෙක සහ දිල්මි ජාතික ශූරයින් ලෙස අභිෂේක ලබයි

2021 ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

211
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් Facebook පිටුවෙන්.

පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ 69 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ප්‍රථම වරට පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනා ගන්නට බුවනෙක ගුණතිලක සමත් වුනා.

විරේන් තේතසිංහ සමඟ අවසන් තරගයේ පළමු වටයේ දී 21/17ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන ගුණතිලක, දෙවැනි වටයේ දී 21/9ක් ලෙස පරාජය වුවත්, තෙවැනි වටයේ දී ජයග්‍රහණයකින් තරගය අවසන් කරන්නට සමත් වුනේ 21/16ක් ලෙසයි.

පිරිමි කේවල අවසන් පූර්ව තරගවල දී ගුණතිලක විසින් හිටපු බැඩ්මින්ටන් ශූරයෙකු වන දිනුක කරුණාරත්න 21/18ක්, 23/21ක් ලෙස පරාජය කරන්නට සමත් වූ අතර, නෙත්තසිංහ විසින් 21/19ක් සහ 21/6ක් ලෙස දුමිඳු අබේවික්‍රම පරාජය කරමින් අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කේවල තරගවලට අමතරව යුගල කාණ්ඩයෙන් ද තරග වැදුණු ගුණතිලක එහි දී සිය සඟයා වූ සචින් ඩයස් සමඟ එක්ව 21/16ක්, 21/17ක් ලෙස විරේන් නෙත්තසිංහ සහ රසිඳු හෙඳහේවා පරාජය කරන්නට ද සමත් වුනා.

මේ අතර, කාන්තා කේවල ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණේ කාවින්දි සිරිමාන්නගේ සහ දුල්මි ඩයස් අතරයි. එහි දී කාවින්දි පාදයේ ආබාධයකට ලක් වූ අතර ඒ සමඟින් නිතරග ජයග්‍රහණයක් ලබා ගන්නට තරගාවලිය පුරාවට හොඳින් දක්ෂතා දැක්වූ දුල්මිට හැකියාව ලැබුණා.

පාදයේ ආබාධය නිසාවෙන් සිරිමාන්නගේ හට සම්පූර්ණ තරගාවලියෙන් ම ඉවත් වීමට සිදු වූ අතර ඇය සුදුසුකම් ලබා සිටි යුගල සහ මිශ්‍ර ඉසව්වල අවසන් තරග ද නිතරගෙයන්ම නිමාවට පත් වුනා.

ඒ අනුව, මිශ්‍ර අවසන් තරගයේ දී තුලිත් පල්ලියගුරුගේ සහ බුත්මි ගලගමගේ හමුවේ සචින් ඩයස් සහ සිරිමාන්නගේ නිතර ජයක් ලබද්දී, යුගල අවසන් තරගයේ දී ටීනා විතානාරච්චි සහ බුත්මි ගලගමගේ හමුවේ නිතරග ජයග්‍රහණයක් ලබා ගන්නට තිලිණි හෙඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේ සමත් වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<