සාන්ත සෙබස්තියන් – වේල්ස් කුමර ක්‍රිකට් ගැටුමට සියල්ල සූදානම්

220

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර පැවැත්වෙන පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන “මොරටු මහා රන් සංග්‍රාමයේ” 69 වැනි දිගහැරුම මාර්තු මස 15 සහ 16 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

පීතරයින් සහ ජෝසප්වරුන් මීළඟ වටයට සුදුසුකම් ලබති!

සිංගර් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් අද (05) ක්‍රියාත්මක වූ අතර ඉන් ජය ලැබූ කොළඹ…

පසුගිය වසරේ පැවති 68 වැනි මොරටු මහා රන් සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත් 33 වැනි වතාවට පැවැත්වුණු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් සමත් විය.

69 වැනි මොරටු මහා රන් සංග්‍රාමයේ සඳහා මෙවර සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරනු ලබයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (6) කොළඹ ජානකී හෝටලයේ දී පැවැත්විය.

>>Photos: Prince of Wales College U19 Cricket Team Preview 2018/19<<

වේල්ස් කුමර විදුහලේ නායකයා වන දකුණතින් පා දඟපන්දු යවන සුවත් මෙන්ඩිස් මෙවර තරගාවලියේ කඩුලු 60 සීමාව පසුකර තිබෙන අතර ඔහු ThePapare.com හමුවේ මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“තරග ජයග්‍රහණයට වඩා කණ්ඩායම් දෙකම සහෝදරත්වයෙන් ක්‍රීඩා කිරීම තමා ගොඩක් වටින්නේ, කණ්ඩායම සමඟ ඉතාමත් හොඳින් හා හොඳ ජීවගුණයක් පවත්වා ගෙන තරගය ක්‍රීඩා කරලා වේල්ස් කුමර විද්‍යාලයට ජය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

>>Photos : St. Sebastian’s – Prince of Wales Annual Cricket Encounter 2019 – Press Conference<<

පළමු වතාවට සාන්ත සෙබස්තියන් විදුහලට නායකත්වය ලබා දෙන, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පවා නියෝජනය කළ නුවනිඳු ප්‍රනාන්දු ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් මෙවර තරග වාරයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කර ඇති බවත්, පසුගිය වසරේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් මෙවර සැලැස්මකට අනුව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බවයි.

මොරටු මහා රන් සටනේ ඉතිහාසය 1933 තරම් ඈතට විහිදී යන අතර එම වසරේ දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් නායකත්වය දැරුවේ ඩන්කන් ප්‍රනාන්දු විසිනි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙහෙය වනු ලැබුවේ එයුගන් ද සිල්වා විසිනි. කෙසේ නමුත් ප්‍රථම දෙදින මහා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එසේ ආරම්භ වූ මෙම පාසල් මහා ක්‍රිකට් තරගය අඛණ්ඩව වසර 68ක් පුරාවට පැවති අතර මේ හරහා පාසල් දෙකෙන්ම ක්‍රිකට් පිටියට නිර්මාණය කර දුන් විශිෂ්ටයින් ගණන අතිවිශාලය.

>>Photos: St. Sebastian’s College, Moratuwa U19 Cricket Team Preview 2018/19<<

මාධ්‍ය හමුව සඳහා වේල්ස් කුමාර විද්‍යාලයීය විදුහල්පති කුසල ප්‍රනාන්දු මහතා හා සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය අධ්‍යක්ෂක පියතුමන් වන රංජිත් අන්ද්‍රාදි, ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප්‍රධාන ඩිජිටල් නිලධාරි ලසන්ත තෙවරප්පෙරුම, ඇතුළු නිලධාරී මහත්වරුන් කිහිප දෙනෙක් පැමිණ සිටියහ.

මෙම මහා ක්‍රිකට් තරගයේත් තරග වාර්තා, පෙර විමසුම්, විශේෂ වීඩියෝ, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<