තිලංක, ඉන්දික සහ මනෝජ්ගෙන් ලක්මවට පදක්කම්

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය 2021

154
Commonwealth Weightlifting Championship
Image Courtesy: Namal Rajapaksha Facebook

උස්බෙකිස්තානයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවයේ දී තවත් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් ශ්‍රී ලංකාවට දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වී තිබෙනවා

තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනා ගත් දෙවැනි පදක්කම සහ පළමු ලෝකඩ පදක්කම දිනා දීමට සමත් වුනේ තිලංක පළිඟසිංහයි. ඒ පිරිමි කිලෝග්‍රෑම් 61ක බරපන්තිය යටතේ තරග බිමට පිවිසෙමිනුයි.

කිලෝග්‍රෑම් 74 බර පන්තිය යටතේ තරග වැදුණු ඉන්දික දිසානයක ද එම තරගයේ තෙවැනි තැන දිනා ගනිමින් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි ලෝකඩ පදක්කම දිනා ගැනීමට කිලෝග්‍රෑම් 67 බර පන්තිය යටතේ තරග වැදුණු මනෝජ් විජේසිංහට හැකි වුනා.

මෙම පදක්කම් ත්‍රිත්වයත් සමඟින් මෙම තරගාවලියේ සමස්ත පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව ඇති අතර මීට පෙර කිලෝග්‍රෑම් 45 බර පන්තිය යටතේ තරග කළ ශ්‍රීමාලි සමරකෝන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්නට සමත් වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය පිටියේ ඉහළ දස්කම් දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්වලින් ලක්මාතාව සැරසීමට සමත් වූ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<