ශූරයින්ගේ ලීගයේ 6 වැනි සතිය කල් දමයි

ශූරයින් ලීග් පාපන්දු තරගාවලිය 2022

160

රටේ උද්ගත වී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ 2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි සතියේ තරග සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ් අනුව පසුගිය සතියේ දී ද කල් දැමුණු 6 වැනි සතියේ තරග නැවතත් කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙන අතර මාධ්‍ය නිවේදනයක් ඔස්සේ ශ්‍රී ලංකා පාපන්දු සංගමය පවසා සිටියේ,

රජය විසින් අද (2022.07.14) මධ්‍යහන 12 සිට හෙට (2022.07.15) දක්වා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන්, තවදුරටත් 6 වැනි සතිය ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලදි. ක්‍රීඩකයින්ගේ, නිලධාරීන්ගේ, තරග විනිසුරුවන්ගේ සහ පාපන්දු සම්මේලනයේ වෙනත් සංවිධායකවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ජූලි 15 සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරග සියල්ල නැවත දැනුම් දෙනතුරු කල් දමන ලදි.”

පාපන්දු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අලුත් දින වකවානු ඉදිරියේ දී දැනුම් දෙන බවයි.

ශූරයින්ගේ පාපන්දු ලීගයේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<