කෝලි දඩයම අත්නොහැර ඉදිරියටම

612
AFP PHOTO

ජයග්‍රහණය වෙනුවෙන් තම ජීවිතය වුවද පරදුවට තැබීමට සූදානමින් සිටින විරාත් කෝලි අද (05) ඒ වෙනුවෙන්ම වූ තීරණයක් ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු 410ක ඉලක්කයක් ලබා දෙමින් තම දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 246ක්ව තිබිය දී අත් හිටවිය.

කෝලි තම දඩබිමේ ගොදුරු සෙවීම ඉක්මන් කරයි

ඉන්දීය ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනයේ දී ද තම දඩබිම තමන්ට රිසි අයුරින් චලනය කරවීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (03) දිනයේ දී ද සමත්…

ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා කඩුලු 7ක් අතැතිව තවත් ලකුණු 379ක් පිටුපසින් සිටී. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට පිටියට පිවිස ලබා ගත්තේ පන්දුවාර 16ක දී කඩුලු 3ක් දැවී ලකුණු 31ක් පමණි.

එහි දී ආරම්භක කඩුල්ල නැවත වතාවක් අසාර්ථක වූ අතර සධීර සමරවික්‍රම ලකුණු 5ක් ලබා සිටිය දී දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 14ක් ව තිබිය දී ය. අනතුරුව තරගයේ සිව්වැනි ඉනිමේ 16 වැනි පන්දු වාරයේ දී කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අසරණ කිරීමට රවින්ද්‍ර ජඩේජා සමත් විය. එහි දී අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 13ක් ලබා සිටිය දී ක්‍රීඩා විවේකාගාරයට යැවීමට ජඩේජාට හැකි වූයේ කඩුලු රකින ක්‍රීඩක විද්‍රිමන් සහාගේ ද සහාය ඇතිවය.

තරගය අවසන් කිරීමට තවත් පන්දුවාර 10කට වැඩි ප්‍රමාණයක් තිබුණ ද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය කුමන මොහොතක තරගය නතර කරාවිදෝ යන සැකය මත තෙවැනි කඩුල්ලට රාත්‍රි මුරකරු ලෙසින් පිටියට පිවිසියේ සුරංග ලක්මාල් ය. ඒ පළමු ඉනිමේ ශතකලාභී ඇන්ජලෝ මැතිව්ස් පා ආවරණ පැළඳ සිටිය දී ය. නමුත් සුරංගට තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ පන්දු දෙකක දී පමණි. තෙවැනි පන්දුවේ දී ජඩේජාගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මුරකරුගේ භූමිකාවෙන් ලක්මාල් නිදහස් වුණි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලෙසිනි.

රාත්‍රි මුරකරු භීතියෙන් කඩුල්ලක් අහිමි කර ගත් ශ්‍රී ලංකා ඉනිමේ ඊළඟ පිතිකරු වූයේ කලින් කඩුල්ලට පිටියට පිවිසීමට සිටි ඇන්ජලෝ මැතිව්ස් ය. ජඩේජාගේ පන්දුවාරයේ ඉතිරි පන්දු දෙකේ දී කඩුල්ල ආරක්ෂා කර ගත් මැතිව්ස් තරගය සිව්වැනි දිනයට නතර කරන විට කිසිදු ලකුණක් නොලබා නොදැවී සිටියේය. අනෙක් අන්තයෙන් පන්දු 30ක දී හයේ පහරක් ද සමඟින් ලකුණු 13ක් ලබා සිටි ධනංජය ද සිල්වා නොදැවී සිටියේය.

දිනය ආරම්භ වී 33 වැනි පන්දුවේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම නිමා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 372කට සීමා කරමිනි. පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක දිනේෂ් චන්දිමාල් අද දිනයේ තම ඉනිමට තවත් ලකුණු 17ක් එක් කරමින් ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවකට ශිකර් ධවාන් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වූයේ දිනයේ ලබා ගත් සෑම ලකුණක්ම ඔහුගේ පිත්තෙන් රැස් කරමිනි. ඉනිම අවසානයේ චන්දිමාල්ගේ ඉනිම ලකුණු 164ක් සේ සටහන් විය. චන්දිමාල් ඒ සඳහා පන්දු 361කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණි.

මෙම ඉනිම චන්දිමාල්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් විය.  මීට ප්‍රථම ඔහුගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වන්නේ 2015 වසරේ දී ගාල්ලේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 162 යි.

තවත් ලකුණු 163ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට මුහුණ දීමට ක්‍රීඩා පිටියට වාර්තා කළ ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 246ක්ව තිබිය දී ඉනිම අත් හිටවූහ. එම ඉනිමේ දී පළමු කඩුල්ල ලකුණු 10ක්ව තිබිය දීත් දෙවැනි කඩුල්ල ලකුණු 29ක්ව තිබිය දීත් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. දැවී ගිය ක්‍රීඩකයන් දෙදෙනා වූයේ ආරම්භ පිතිකරු මුරලි විජේ සහ අංක තුන පිතිකරු අජින්ක්යා රහනේ ය.

අසේල, ධනුෂ්ක ඇතුළු එක්දින විශේෂඥයින් 9ක් සංචිතයට

ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම…

එහෙත් එම කඩුල්ලෙන් පසුව පිටියේ ස්ථාවර වූ ශිකර් ධවාන් සහ චෙටෙස්වර් පුජාරා තෙවැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ගොඩ නැගූහ. කඩුල්ලේ සබඳතාව අවසන් වූයේ චෙටෙස්වර් පුජාරා පන්දු 66ක දී ලකුණු 49කට අවාසනාවන්ත ලෙසින් දැවී යෑමත් සමඟිනි.

ශිකර් ධවාන්, විරාත් කෝලි සහ රෝහිට් ෂර්මා ඉන්දීය දෙවැනි ඉනිම සීමිත පන්දුවාර තරගයක් බවට පරිවර්තනය කර ගනිමින් අර්ධ ශතක ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු බුරුලක් ලබා නොදෙමිනි. ශිකර් ධවාන්ගේ අර්ධ ශතකය පන්දු 91ක දී වාර්තා වූයේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් ද සමඟිනි. ඔහු ඉනිමේ සිව්වැනි කඩුල්ලට දැවී ගියේ විරාත් කෝලි සමඟින් එම කඩුල්ලට ලකුණු 38ක් ද එක් කරමිනි.  

විරාත් කෝලි ඉන්දීය ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු 50ක් ලබා සිටිය දී ය. හතරේ පහර 3ක් ද සමඟින් වූ ඔහුගේ ඉනිම පන්දු 58ක දී වාර්තා විය. කෝලි සහ රෝහිට් ෂර්මා අතර පස්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 90කි.

ඉන්දීය ඉනිම අත් හිටුවන විට ෂර්මා පන්දු 49ක දී නොදැවී ලකුණු 50ක් ලබා සිටියේය. ඊට එක්කර තිබූ හතරේ පහර සංඛ්‍යාව 5කි. ඉන්දීය ඉනිමේ දවා ගත් කඩුලු සියල්ල සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් අතර බෙදී ගියහ.

ඇමති නොදැන ඉන්දියා යන්න ගිය එක්දින කණ්ඩායම නැවත කැඳවයි

ඉන්දීය තරග සංචාරයේ එක්දින තරග සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ නොසතුට පල කරමින්, ඉන්දියාව බලා පිටත්ව යාමට සැරසුණු අදාළ…

හෙට (06) තරගයේ පස් වැනි සහ අවසාන දිනයයි.

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5): මුරලි විජේ 155,ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි 243, රෝහිට් ෂර්මා 65,  ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 373 (135.3): (තෙවැනි දින තරගය නතර කරන විට පන්දු වාර 130.0ක දී කඩුලු 9ක් දැවී 356; දිනේෂ් චන්දිමාල් නොදැවී 147, මොහොමඩ් සමී 2/74, ඉෂාන්ට් ෂර්මා 3/93, රවින්ද්‍ර ජඩේජා 2/85, රවිචන්ද්‍රන් අශ්වින් 3/90) දිල්රුවන් පෙරේරා 42, ,ඇන්ජලෝ මැතිව්ස් 111, දිනේෂ් චන්දිමාල් නොදැවී 164, සධීර සමරවික්‍රම 33, , මොහොමඩ් සමී 2/85, ඉෂාන්ට් ෂර්මා 3/98, රවින්ද්‍ර ජඩේජා 2/86, රවිචන්ද්‍රන් අශ්වින් 3/90)

ඉන්දියාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ඉනිම අත් හිටවූවා 246 (52.2): ශිකර් ධවාන් 67, චෙටෙස්වර් පුජාරා 49, විරාත් කෝලි 50, රෝහිට් ෂර්මා නොදැවී 50

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 31 (16.0) දිමුත් කරුණාරත්න 13, ධනංජය ද සිල්වා නොදැවී 13, රවින්ද්‍ර ජඩේජා 2/05

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<