BRC පරාජය කළ නාවික හමුදාවට දැවැන්ත ජයක්

SLC නැගී එන ක්‍රිකට් තරගාවලිය 2019/20

67

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් අදියරේ තරගයක් ලෙස ඊයේ (1) ආරම්භ වූ මේ තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගය වැලිසර නාවික හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

කවික ඩිල්ශාන්ගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club….

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාවික හමුදා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබාගෙන සිටියේ බී. ආර්. සී පළමු ඉනිමට වඩා ලකුණු 41ක් ඉදිරියෙන් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බී. ආර්. සී  කණ්ඩායමට ආරාධනා කළේය. එහි දී ඔවුන්ගේ කණ්ඩායමේ පිතිකරුවන් එක පෙළට දැවී යන විට ඔවුන්ගේ ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ සීතාවක මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි දකුණතින් පිතිකරණයේ නිරත වන කලන මදුසංක ලබා ගත් ලකුණු 42 නිසා බී. ආර්. සී කණ්ඩායමේ ලකුණු සටහන ලකුණු 102ක් දක්වා පැමිණියේය. 

මදුසංක වෙත සහය ලබා දුන් නිමන්ත ගුණසිරි ලකුණු 23ක් ලබාගෙන සිටිය දී වමතින් දඟපන්දු යවන කවික ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

අවසානයේ බී. ආර්. සී ඉනිම පන්දුවාර 39කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 102කට සීමා කිරීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. නාවික හමුදා කණ්ඩායම් වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් කවික ඩිල්ෂාන් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

නාවිකා හමුදා කණ්ඩායමේ පිතිකරුවන් පවා දුවිඳු තිලකරත්න ඇතුළු පන්දු යවන්නන් හමුවේ තරමක් අසාර්ථක වුවත් සවිඳු පීරිස් දියත් කළ ඉවසිලිවන්ත සහ සටන්කාමි පිතිකරණය නිසා තරගයේ පළමු දිනය තුල පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය. 

බංග්ලාදේශයට එරෙහිව චමිඳුගෙන් තුන් ඉරියව් දස්කම්

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශ…..

තරගයේ දෙවන දිනයේ ක්‍රියාත්මක වූ පළමු පන්දු 7 තුල නාවික හමුදා පළමු ඉනිම අවසන් වූ අතර පන්දු යැවීමේ දී දුවිඳු තිලකරත්න කඩුලු 4ක් දවා ගන්නා ලදි.

පළමු ඉනිමේ දී  පිතිකරණයෙන් අසාර්ථක වූ බී. ආර්. සී ක්‍රීඩකයින් ලකුණු 45ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීම සඳහා පිටියට පැමිණි නමුත් එහිදී ද ඔවුන්ට සාර්ථක වීමට අවස්ථාව උදා වූයේ නොමැත. පළමු ඉනිමේ දී පිතිකරණයෙන් දස්කම් දැක්වූ දකුණතින් පිට දඟපන්දු යවන සවිඳු නාවික හමුදාව වෙනුවෙන් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තේය. 

බී. ආර්. සී දෙවන ඉනිම ලකුණු 99කට සීමා වීම හා නාවික හමුදාව පළමු ඉනිමේ දී ලබා ගත්  ලකුණු 45 වාසිය නිසාවෙන් නාවික හමුදා ක්‍රීඩකයින් හට ඔවුන්ගේ ජය තහවුරු කර ගැනීම සඳහා ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 55ක් පමණි. එම ඉලක්කය පන්දුවාර 13ක් තුල කඩුලු 5ක් දැවී සපුරා ගත් නාවික හමුදාව මේ තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය.

බී. ආර්. සී – 102 (39.3): කලන මදුසංක 42, නිමන්ත ගුණසිරි 23, කවික ඩිල්ෂාන් 5/36. සහ 99 (42.3): නිමන්ත ගුණසිරි 22, සවිඳු පීරිස් 3/17, සතුෂ්ක නිමල්ෂ 3/21.

නාවික හමුදා ක්‍රීඩා සමාජය –  147 (46.2): සවිඳු පීරිස් 51, ශලිත් ප්‍රනාන්දු 40, දිනාල් ඉශේන් 24, දුවිඳු තිලකරත්න 4/31, නිමන්ත ගුණසිරි 3/21, කෙවින් කොත්තොගොඩ 2/23. සහ 58/5 (13): දුවිඳු තිලකරත්න 3/20.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<