තනුග සහ ඕෂද පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

59
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (01) දිනයෙන් විසඳුමක් රහිතව අවසන් වුනා. 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයේ දී ඩී.එස් විද්‍යාලය වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූ අතර, එහි දී විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කිරන් ජනේන්ද්‍ර කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ශනල් බිනුක්ශ සහ බිහාන් ගමගේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම මලියදේව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ඕෂද තවීශ කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

මේ අතර ඊයේ දිනයෙන් ආරම්භ වූ තරග කිහිපයක පළමු දිනය ක්‍රියාත්මක වූ අතර, මේවායේ දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ සෙනුජ වකුණුගොඩ, කොළඹ ලුම්බිණි විද්‍යාලයේ අශාන් ශනිල්ක, කළුතර තිස්ස විද්‍යාලයේ නෙත්සර යස්මිත, කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම විතානපතිරණ, මෙන්ම කොළඹ ධර්මරාජ විද්‍යාලයේ ඉසුරු පන්නල අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුනා. 

මේ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තනුග පලිහවඩන විසින් කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් විශිෂ්ට දසකම් දවමින් ලකුණු 22කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා. එම පන්දු යැවීම සාන්ත සෙබස්තියන් පළමු ඉනිම ලකුණු 59කට සීමා කිරීමට හේතු වුනා. 

කුරුනෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය  

මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී  

  • මලියදේව විද්‍යාලය – 192/10 (54.4) විනුක පූජන 38, කිරන් ජනේන්ද්‍ර 3/40 
  • ඩී.එස්.සේනානායක විද්‍යාලය – 290/9 (72.3) ශනල් බිනුක්ශ 64, බිහාන් ගමගේ 60, ඕෂද තවීශ 6/93 

තරගය ජය පැරදුමෙන් තොරයි, ඩී.එස්.සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<