March Madness අප සූදානම්! ඔබ සූදානම් ද?

91
March Madness

එළඹෙන මාර්තු මාසය අතිශය කාර්‍යබහුල වීමට නියමිතය. සති 5ක් පුරාවට දිවයින පුරා විහිදී ඇති පාසල් රැසක් උරෙන් උර ගැටෙන ඒ මහා සංග්‍රාමය එළඹ ඇත. වසරේ තරගකාරීම ක්‍රිකට් වසන්තය පිළිගැනීමට ඔබ සූදානම් ද?

වසරේ වඩාත්ම කාර්‍යබහුල මේ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නත්තල් කාලය ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. පිට පිට පැවැත්වෙන මේ ක්‍රිකට් වසන්තය ThePapare.com අප සියලුම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානම්. 

කලකට පසු එංගලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා සංචාරයට 

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාව ලෙස මේ මහා ක්‍රිකට් සංග්‍රාම හැදින්විය හැක. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු කුඩා කල පටන් දකින එකම සිහිනය තම පාසල් මහා ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමයි. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ තම පාසල නියෝජනය කිරීම හැර අන් සතුටක් තිබේ ද? 

වසර ගණනක දුෂ්කර ගමනකින් අනතුරුව තම පාසල නියෝජනය කරමින් වීරයන් බිහිවීමට තවත් ඉතිරිව ඇත්තේ සුළු කාලයක් පමණි. 

මේ පාසල් ක්‍රිකට් සංග්‍රාම සුවිශේෂී වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොවේ. ආදි ශිෂ්‍යයන් ද මේ කාලය තුල වඩාත් කාර්‍යබහුල වනු ඇත. Whatsapp කතාබහ තවත් කාර්‍යබහුල වනු ඇත. මේ සුවිශේෂී සතිඅන්තය සැලසුම් කිරීමට සියලු දෙනා සහය වනු ඇත. 

Tier B පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයා හර්ෂ විතාත

වසර 13ක පාසල් අධ්‍යාපනයේ මුණගැසුණු ඒ සුවිශේෂී මිතුරන්ගේ මිතුදම අලුත් කරගැනීමට කාලය එළඹ ඇත. තම කාලසටහන් පසෙක දමා ඔවුන් මුණගැසීමට කාලය පැමිණ ඇත. 

පසුගිය වසර පාසල් ක්‍රිකට් වසන්තයට අමතක නොවන වසරක් විය. ගාල්ල මහින්ද රිච්මන්ඩ් සටනේ දී රිච්මන්ඩ් ක්‍රීඩක තවීශ අභිශේක්ගේ හතරේ පහර ද්විත්වය මහින්ද කණ්ඩායම බිඳ දැමූ හැටි කෙසේ නම් අමතක කළ හැකි ද? 

යාපනයේ ක්‍රිකට් සංග්‍රාමයේ දී තිවේන්ද්‍රම් දිනෝශාන් හයේ පහර ද්විත්වයක් මගින් තරගය ගිනියම් කළ හැටි, සංතුෂ් ගුණතිලක සාන්ත පීතර විද්‍යාලය පරාජයෙන් ගලවා ගත් හැටි, කළණ පෙරේරා හා ඔහුගේ ආචාරය කෙසේ නම් අමතක කරන්න ද? මෙවර සංග්‍රාමය එයට නොදෙවෙනි මතක රැසක් එකතු කරනු ඇත. 

ThePapare.com අපි ඔබ වෙනුවෙන් ඔබ සමඟම සිටිනු ඇත!

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය හා මාධ්‍ය ජාලය වන අපි මෙවර පාසල් ක්‍රිකට් සංග්‍රාමයේ සියළු තරග තොරතුරු, පූර්ව ප්‍රචාරක, සජීවී තොරතුරු, යාවත්කාලීන කිරීම්, ඡායාරූප හා වීඩියෝ දර්ශන එසැණින් ඔබ වෙත ගෙන ඒමට සියළු කටයුතු සූදානම් කර ඇත. 

එයට අමතරව මෙවර ක්‍රිකට් වසන්තයේ සුවිශේෂී තරග කීපයක් අප ඔබ වෙත සජීවීව ගෙන ඒමට සූදානම්. මේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් තම දක්ෂතා ලොව ඉදිරියේ පෙන්වීමට සූදානම් වන විට ThePapare.com අප ඒ දක්ෂතා ලොව පුරා පෙන්වීමට සූදානම්. සූදානම් වන්න මේ මහා සංග්‍රාමයේ සියලු අවස්ථා දැකගැනීමට. 

 රොෂේන්, උදාර සහ අශේන් ශතකවලින් වැඩ පෙන්වයි 

*කහ පැහැයෙන් වර්ණගන්වා ඇති තරග ThePapare.com ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<