ඇමරිකානු ඔලිම්පික් සුදුස්සන් තේරීම කල්යයි

112

ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලබන වසර දක්වා කල් තැබූ ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ කාලසීමාව තාවකාලික අත්හිටුවීමට තීරණය කළ අතර පවතින තත්වය මත ඇමරිකානු ජවන හා පිටිය තරග සඳහා ඔලිම්පික් සුදුස්සන් තේරීමේ තරගාවලිය ද කල් දැමීමට එරට බලධාරීන් තීරණය කරන ලදි. 

වෙනස් කරපු පරිසාධන කාලසීමාව නැවත වෙනස් කරන්න ඉල්ලීමක්!

පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් 32 වැනි ගිම්හාන ……….

ඒ අනුව මෙම වසරේ ජුනි මස 19 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය ලබන වසරේ (2021) ජුනි මස දක්වා කල් දැමීමට තීරණය කර ඇති අතර තරගාවලිය එම මස 18 සිට 27 දක්වා “Hayward Field at the University of Oregon” හීදී පැවැත්වීමට නියමිතව පවතී.

මෙම කල් දැමීම පිළිබඳව අදහස් දක්වමින් එරට මලල ක්‍රීඩා බලධාරීන් ප්‍රකාශ කර සිටියේ තරගාවලිය කල් යාමක් සිදු වූවත් එම අදාළ තරග කාලසටහනෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

කෙසේ නමුත් ලෝක මලල ක්‍රීඩා සංගමය පසුගිය දා නිකුත් කළ නිවේදනයකට අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ කාලසීමාව මෙම වසරේ දෙසැම්බර් 01 වැනිදා දක්වා තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබුණි. 

මෙම වයිරසයෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වූ රට ඇමරිකා එක්සත් ජනපදය වේ. මේ වන විට එරට පුද්ගලයින් 45,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 819,000කට අධික පිරිසක් රෝගීතත්වයට පත්ව ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<