IPL අතරතුර හොර වැඩ අල්ලන්න එංගලන්තයේ සහය පතයි!

160

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයත් සමඟින් ඒ ආශ්‍රිතව සිදු විය හැකි දූෂණ, වංචා මැඬලීමේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එංගලන්තයේ Sportradar නැමති එම ක්ෂේත්‍රයෙහි පිළිගත් ආයතනයක් සමඟ එකඟතාවකට පැමිණීමට BCCIය සමත්ව ඇති බව වාර්තා වේ.

මෙවර IPL තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් හට අවස්ථාව නොලැබුනත් ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු විද්‍යුත් මාධ්‍ය ජාල ඔස්සේ තරගාවලිය සමඟ සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් පවතින නිසාවෙන් පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර තරගවාරයේ දී වංචනික ක්‍රියාකාරකම්වල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව දූෂණ විරෝධී ඒකකයේ සභාපති අජිත් සිං මහතා අවධාරණය කොට තිබුණි.

තවත් ක්‍රිකට් පුවත් :

“Sportradar ආයතනයේ සහයෝගය අපිට දිගටම ලැබෙන නිසා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් වගේ ක්‍රීඩාවේ කීර්තිනාමයට කැළලක් වෙන ක්‍රියාකාරකම්වලින් සමස්ත ක්‍රිකට් ප්‍රජාවම බේරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. Goa පාපන්දු ලීගයේ දී වුනත් අපි දැක්කා Sportradar ආයතනය සුවිශාල කාර්‍යභාර්‍යක් ඉෂ්ට සිද්ධ කළා තරග පාවාදීමේ සිදුවීම් කිහිපයක් කල්තියා හඳුනා ගන්න උදව් කරලා. FIFA, UEFA වගේ සුප්‍රසිද්ධ සම්මේලන පවා මේ වෙනකොට Sportradar ආයතනය එක්ක කටයුතු කරන්න පෙලඹිලා තියෙන්නේ ඔවුන් සපයන සේවාවේ තියෙන විශ්වසනීයත්වය නිසා කියලයි මට හිතෙන්නේ.”

නවීන තාක්ෂණික මෙවලම් ආධාරයෙන් සහ ඔවුන්ටම ආවේණික වූ දත්ත හැසිරවීමේ නවතම මෘදුකාංග කිහිපයක් ඔස්සේ වංචනික ක්‍රියාකාරකම් හඳුනා ගැනීමේ මෙහෙයුම් පද්ධතියක් ගොඩනඟා ඇති Sportradar ආයතනය සතුව ලියාපදිංචි කරන ලද බුකී ආයතන 600කට ආසන්න ප්‍රමාණයකගේ තොරතුරු දැනටමත් පවතින නිසාවෙන් ඉතාමත් පහසුවෙන් තරග පාවාදීමේ ඇතුළු වෙනත් වංචනික ක්‍රියාවන්  හඳුනා ගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<