UAE ක්‍රීඩකයින් දෙදෙනෙකුට වැඩ වරදින ලකුණු!

220
Two UAE players provisionally

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ (UAE) ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Amir Hayat සහ Ashfaq Ahmed යන දෙදෙනා හට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ICC දූෂණ මර්දන ඒකකය තීරණය කර ඇත. ඒ 2019 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය තුල දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති කඩ කර ඇති බව අනාවරණය වී තිබීම නිසාවෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 5ක් මොවුන් දෙදෙනා විසින් උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ ඇත.

දූෂණ විරෝධී පනතේ 2.1.3 වගන්තිය – ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතරතුර තරග පාවා දීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම.

තවත් ක්‍රිකට් පුවත්

දූෂණ විරෝධී පනතේ 2.4.2 වගන්තිය – අල්ලසක් හෝ වෙනත් ත්‍යාගයක් පිරිනමමින් කිසියම් ආකාරයක හෝ වෙනත් ආකාරයකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ප්‍රතිඵලයක්, තරගයක හැසිරීම හෝ වෙන යම් ආකාරයක බලපෑමක් කිරීමට උත්සාහ කිරීම.

දූෂණ විරෝධී පනතේ 2.4.3 වගන්තිය – ඇමරිකානු ඩොලර් 750ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති සහභාගී වන්නෙකුට ලබා දෙන සියලුම තෑගි (මූල්‍යමය හෝ වෙනත් ආකාරයකින්), ආගන්තුක සත්කාරය සහ / හෝ වෙනත් ගිවිසුම්ගත නොවන ප්‍රතිලාභ ICC දූෂණ මර්දන ඒකකය වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.4 වගන්තිය – තරගාවලිය අතරතුර නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව ICC දූෂණ මර්දන ඒකකය වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.5 වගන්තිය – වෙනත් සහභාගී වන්නෙකු විසින් සිදු කළ දූෂිත හැසිරීම් වලට අදාලව ඔහුගේ අවධානයට ලක් වූ කරුණු හෝ කරුණු පිළිබඳ සම්පූර්ණ තොරතුරු පූර්ව විස්තර සහිතව ICC දූෂණ මර්දන ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.

මොවුන් දෙදෙනා ඊයේ (13) සිට දින 14ක් ඇතුළත ඔවුන්ට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<