ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2021 ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණ නවයක් තෝරාගෙන තිබෙනවා. Mumbai, New Delhi, Chennai, Kolkata, Bengaluru, Hyderabad, Dharamsala, Ahmedabad හා Lucknow එම ක්‍රීඩාංගණයි.
2021 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේ දී පැවැත්වීමට නියමිතයි. යෝජනා වී ඇති ක්‍රීඩාංගණ අතර Ahmedabad, Lucknow, Chennai හා Hyderabad ක්‍රීඩාංගණ ද පවතින අතර 2016 වසරේ දී ඉන්දියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයට එම ක්‍රීඩාංගණ යොදා ගැනුණේ නැහැ.
තවත් ක්‍රිකට් පුවත්:
- දුශ්මන්ත චමීර ටෙස්ට් සංචිතයෙන් ඉවත් වෙයි
- SL Legends නියමුවාට Aussie ක්‍රීඩා සමාජයක නායකත්වය!
- බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා නිල ටෙස්ට් සංචිතය
Hindustan Times වාර්තා කරන අන්දමට 2021 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය Ahmedabad හි නරේන්ද්‍ර මෝධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
“ක්‍රීඩාංගණ නවයටම මේ වන විට දන්වා තිබෙනවා COVID-19 තත්වය ගැනත් සිහි තබාගෙන කටයුතු සූදානම් කරන ලෙස. තරගාවලිය ළං වුනාම අපි අවසන් තීරණයක් ගන්නවා. දැන්ම අපිට අනුමාන කරන්න බැහැ ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේ කොරෝනා තත්වය මොකක් වෙයි ද කියලා. නමුත් අපි දැනටමත් තරගාවලියට සූදානම් වෙන්න පටන් අරන් තියෙන්නේ” ඉන්දීය ක්‍රිකට් මූලාශ්‍රයක් මාධ්‍ය වෙත පවසා තිබුණා.
Hindustan Times ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<