දුශ්මන්ත චමීර ටෙස්ට් සංචිතයෙන් ඉවත් වෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය -2021

244

පෞද්ගලික කාරණාවක් නිසාවෙන් මෙම මස ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර තීරණය කර ඇත.

චමීරගේ ඉවත් වීම පිළිබඳව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ලබන සතියේ දිනක සිදුවීමට නියමිත සිය පළමු දරුවාගේ උපත වෙනුවෙන් චමීර මෙලෙස නිවාඩු ලබා ගැනීමට ඉල්ලා ඇති බවයි.

ආබාධ රැසකින් පීඩා විඳීමෙන් අනතුරුව නැවතත් ජාතික කණ්ඩායමට පැමිණි චමීර නිමා වූ බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් තරග 2ක් තුළ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව චමීරගේ ඉවත් වීම නිසාවෙන් සිදු වන පුරප්පාඩුව සඳහා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් ඇති බව ද වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 21 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී විය හැකි මූලික සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝශන් දික්වැල්ල, රොශේන් සිල්වා, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු,සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<