මහනුවර පාසල් රග්බි තරග නවතී

528

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ පාසල් රග්බි තරගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.

යෙෂිරගේ උත්සාහක දිනුම් 4න් ගාල්ලේ රග්බි බළකොටුව බිඳ වැටේ

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තරගාවලියේ තවත් තරගයක් අද (06) පැවැත්විය. එහි දී කොළඹ ලුම්බිණි …

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඇඳිරි නීතිය හා ආරක්ෂිත තත්වය නිසා මෙසේ දින නියමයක් නොමැතිව මේ තරග කල්තැබීමට තීරණය වී ඇති අතර මහනුවර ප්‍රදේශයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීම ද මේ සඳහා තවත් එක් හේතුවක් වී ඇත.

එසේම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට තිබූ කන්ද උඩරට නිල් මහා සටන නමින් ප්‍රචලිත පාසල් මහා ක්‍රිකට් තරගය ද දින නියමයක් නොමැතිව කල්ගොස් ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<