වසර තුනකට පසු La Liga කිරුළ බාර්සිලෝනා නුවරට

243
Barcelona's players celebrate winning their 27th Spanish league championship after the Spanish league football match between RCD Espanyol and FC Barcelona at the RCDE Stadium in Cornella de Llobregat on May 14, 2023. Barcelona won Spain's La Liga for the first time since 2019 by thrashing Espanyol 4-2 today, wrestling the title from rivals Real Madrid. The Catalan giants clinched their 27th Spanish championship with an emphatic derby victory, with Robert Lewandowski scoring twice, alongside Alejandro Balde and Jules Kounde's goals. (Photo by Lluis GENE / AFP)

වසර කිහිපයක් මුළුල්ලේ මුහුණ දුන් දැඩි පසුබෑමෙන් තරමක සහනයක් ලබමින් වසර තුනකට පසු La Liga ශූරතාවයක් දිනා ගැනීමට Barcelona ක්‍රීඩකයින් ඊයේ (14) සමත් වුනා.

Espanyol කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ගෝල 4-2ක ජයග්‍රහණයක් ලැබූ ඔවුන් මෙවර සිය ලීගයේ ශූරතාවය තහවුරු කර ගැනීමට සමත් වුනේ තවත් තරග 4ක් ඉතිරිව තිබිය දී ම වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ Real Madrid කණ්ඩායම සතු වූ ලීග් ශූරතාවය Barcelona ක්‍රීඩකයින්ට මෙවර හිමි වන අතර ඔවුන් මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන Real Madrid කණ්ඩායමට වඩා ප්‍රසාද ලකුණු 14ක් ඉදිරියෙන් සිටිනවා.

බාර්සිලෝනා වෙනුවෙන් Robert Lewandowski, Alejandro Balde සහ Jules Kounde ගෝල වාර්තා කරමින් 27 වැනි La Liga ශූරතාවයේ ජය සිය කණ්ඩායමට තහවුරු කිරීමට සමත් වෙද්දී, Javi Puado සහ Joselu ප්‍රතිවාදීන් වෙනුවෙන් ගෝල වාර්තා කළා.

තරගයෙන් පසු බාර්සිලෝනා ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් සිටිය දී Espanyol ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදීම නිසා කෙටි වේලාවකට සැමරුම් සීමා කර ක්‍රීඩාගාරයට දිව යෑමට බාර්සිලෝනා ක්‍රීඩකයින්ට සිදු වුනා.

දැඩි පසුබෑමකට ලක් වූ වසර කිහිපයක් පසු කරමින් සිටින බාර්සිලෝනා ක්‍රීඩකයින් සිය ප්‍රධාන පුහුණුකරු ලෙස Xavi Hernandez පත් කිරීමෙන් පසු යම් ප්‍රගතියක් අත් කර ගනු දක්නට ලැබුණු අතර ඔවුන් 2019 වසරෙන් පසු ප්‍රධාන ශූරතාවයක් දිනා ගත් පළමු වතාව මෙයයි.

“ඒක ඇත්තෙන්ම කියා ගන්න බැරි හැඟීමක්, කරපු වැඩ ඔක්කොම හරි ගියා. මේක මාස දහයක වෙහෙසක් වගේම කැප කිරීමක් නිසා ලැබුණ දෙයක්. අපේ ප්‍රේක්ෂකයින්ට මේක ලැබෙන්න ඕන. අපේ ක්‍රීඩා සමාජය අපිට ආරක්ෂාව වගේම විශ්වාසය ලබා දෙනවා. ඉතා හොඳ තරගයකින් ලීගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්න ලැබුණ එක ඇත්තෙන්ම හොඳ දෙයක්,” යැයි Xavi ප්‍රකාශ කළා.

තරගයෙන් පසු ප්‍රතිවාදී ප්‍රේක්ෂකයින්ගෙන් මුහුණ පෑමට සිදු වූ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් Xavi ප්‍රකාශ කළේ,

“මෙහෙම සමරන එක සාමාන්‍ය දෙයක්, ඒත් අපි දැන ගන්න ඕන අපි ඉන්නේ අපේ ක්‍රීඩාංගණයේ නෙවෙයි කියලා. මම දන්නවා ඒක පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා, ඒත් මම එයාලට කිව්වා දැන් කරන්න තියෙන හොඳම දේ අපි ඇතුළට යන එකයි කියලා.”

පාපන්දු පිටියේ දිනෙන් දින උණුසුම් වන පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<