එක් තෝරාගැනීමක් අවසන්

102

79 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය පැවැත්වුනේ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යන බොක්සිං සංචිතය තෝරාගැනීම සඳහායි. අගෝස්තු 13 සිට 16 දක්වා රාජකීය MAS බොක්සිං අංගනයේ දී ලේටන් තරගාවලිය පැවැත්වුනා.

නේපාලයේ කත්මණ්ඩු හිදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ වරම දිනා ගැනීම සඳහා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ඉතා උනන්දුවෙන් තරග වදින ආකාරය මෙහි දී දැකගත හැකි වුනා. තරගාවලිය අවසානයේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් වැඩි දක්ෂතා දක්වා තිබුණා.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා සටන..

වඩාත් විද්‍යානුකූල බොක්සිං ක්‍රීඩකයාට හිමිවන ලේටන් කුසලානය හිමිවුණේ පසුගිය වසරේ හොඳම ලයිට් ෆ්ලයිවෙයිට් ක්‍රීඩකයා වූ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සජීව නුවන් හටයි. මෙය වසර 10කට පසුව යුධ හමුදා ක්‍රීඩා සමාජයට ලේටන් කුසලානය හිමි වූ විශේෂ අවස්ථාවක් වුනා. මින් පෙර 2008දී ජයන්ත කුමාර විසින් ලේටන් කුසලානය දිනාගෙන තිබුණා.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් විසින් රන් පදක්කම් 10කින් 7ක් දිනා ගත්තා. ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට හිමිවුණේ රන් තුනක් පමණයි. කාන්තා අංශයේ රන් පදක්කම් 8ක්ම හිමිවුණේ යුනිචෙලා ක්‍රීඩා සමාජයටයි. එක් රන් පදක්කමක් පොලිස් ක්‍රීඩා සමාජයට හිමිවුණා. දක්ෂතම පරාජිතයා ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. ජිනදාස.

පුටින්ගේ සුව නොවන “ක්‍රීඩා උණ”

ක්‍රීඩාශීලිත්වය රාජ්‍ය පාලනයට කෙතරම් වැදගත් ද? ක්‍රීඩාවෙන් ඔබේ ජීවිතයට බොහෝ දේ එකතු කරයි.

කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කේශානි හංසිකා සම්මාන ලැබුවා. දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ සංජීවනී කුරේ.

සම්මාන බෙදා දීම, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරුනා.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<