Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට – එක කරති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට – එක කරති

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

799

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති දෙවැනි තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 1-1ක් ලෙස සම කරන්නට සමත් වුනා.

SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පළමු විස්සයි විස්ස තරග පරාජයට පසුව හසිනි පෙරේරා වෙනුවට සුගන්ධිකා පෙරේරා මේ තරගයට කැඳවමින් ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා. බංග්ලාදේශ ආරම්භක පිතිකාරිණියන් යුගල ලකුණු 28ක සබඳතාවයක් ගොඩනංවමින් පළමු පන්දුවාර 4 තුල ඔවුන්ට ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා.

වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී ලකුණු 16ක් ලබාගෙන සිටි Rubya Haiderගේ කඩුල්ල දවා ගනිමින් බංග්ලාදේශ කඩුලු දවා ගැනීම ආරම්භ කළ අතර පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට පරාජය උරුම කළ නායිකා Nigar Sultanaගේ කඩුල්ල ද ලකුණු 7කට දවා ගැනීමට ප්‍රබෝධනී සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් මේ තරගය තුල ද උඩපන්දු කිහිපයක්ම මඟ හැරී යාම කනගාටුවට කරුණක් වන නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ සුපිරි දස්කම් නිසාවෙන් Shamima Sultana, Shobhana Mostary සහ නායිකා Sultana යන ප්‍රබල ක්‍රීඩිකාවන්ගේ කඩුලු 3 ලකුණු 17ක් තුල දවාගෙන බංග්ලාදේශ ලකුණු සටහනට විශාල පහරක් එල්ල කළා.

එම කඩුලු 3ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී ගිය කඩුලු වුනු අතර මේ තරගයේ දී දැවී ගිය බංග්ලාදේශ කඩුලු 10න් කඩුලු 5ක් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගිය කඩුලු වීම මඟින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පන්දු යැවීමේ ඉලක්කය ඉහළ මට්ටමක තිබුණු බවට හොඳ සාක්ෂියක් වුනා.

පන්දුවාර 13කුත් පන්දු 3ක් තුල ලකුණු 70කට කඩුලු 4ක් බිඳ වැටී ගොස් තිබුණු බංග්ලාදේශයේ අවසන් කඩුලු 6 ලකුණු 30ක් තුල දවා ගන්නට කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. පන්දු යැවීමේ දී දිල්හාරි, කුමාරි, ප්‍රබෝධනී සහ රණවීර කඩුලු 2ක බැගින් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම පාලනය කළා.

තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට මේ තරගයේ ජය අනිවාර්ය වුනු අතර ඒ වෙනුවෙන් ලකුණු 101ක ඉලක්කයක් හඹා යා යුතුව තිබුණා. එහි දී චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 38ක් තුලයි.

නායිකා අතපත්තු පන්දු 27ක් තුල ලකුණු 33ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස ස්ටම්ප්ස් කිරීමකට හසුවීමෙන් දැවී ගියා, කෙසේ නමුත් ඇය ඒ වන විටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේගවත් ආරම්භය ලබා දුන්නේ ස්ථාවර අඩිතාලමක් ද සහිතවයි.

ලකුණු 68ට කඩුලු 3ක් දැවී ගොස් තිබුණු මොහොතේ හර්ශිතා සමරවික්‍රම (ලකුණු 29*) සමඟ පිටියේ එක්වූ කවීෂා දිල්හාරි (ලකුණු 20*) ලකුණු 32ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් පන්දුවාර 18කුත් පන්දු 3ක් තුල ශ්‍රී ලංකා ජය තහවුරු කළා. Fahima Khatun කඩුලු 2යි.

තරගයේ වීරවරිය – කවීෂා දිල්හාරි (ශ්‍රී ලංකාව)


Result


Sri Lanka Women
101/3 (18.3)

Bangladesh Women
100/10 (18.3)

Batsmen R B 4s 6s SR
Shamima Sultana b Inoka Ranaweera 18 23 3 0 78.26
Rubya Haider b Udeshika Prabodhani 16 17 3 0 94.12
Sobhana Mostary b Kawya Kavindi 18 21 2 0 85.71
Nigar Sultana b Udeshika Prabodhani 7 17 0 0 41.18
Murshida Khatun c Inoka Ranaweera b Kavisha Dilhari 14 10 0 1 140.00
Ritu Moni c Nilakshi de Silva b Oshadi Ranasinghe 5 4 1 0 125.00
Sultana Khatun b Sugandika Kumari 4 6 0 0 66.67
Nahida Akter st Anushka Sanjeewani b Kavisha Dilhari 0 0 0 0 0.00
Fahima Khatun not out 6 8 0 0 75.00
Rabeya Khan lbw b Sugandika Kumari 0 2 0 0 0.00
Fariha Trisna c Inoka Ranaweera b Oshadi Ranasinghe 1 3 0 0 33.33


Extras 11 (b 0 , lb 3 , nb 0, w 8, pen 0)
Total 100/10 (18.3 Overs, RR: 5.41)
Bowling O M R W Econ
Udeshika Prabodhani 3 0 21 2 7.00
Oshadi Ranasinghe 3 0 26 1 8.67
Sugandika Kumari 4 0 14 2 3.50
Kawya Kavindi 2 0 14 1 7.00
Inoka Ranaweera 3.3 0 9 2 2.73
Kavisha Dilhari 3 0 13 2 4.33


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu st Shamima Sultana b Rabeya Khan 33 27 6 1 122.22
Vishmi Gunaratne lbw b Fahima Khatun 12 17 1 0 70.59
Harshitha Samarawickrama not out 29 42 1 0 69.05
Nilakshi de Silva lbw b Fahima Khatun 4 7 0 0 57.14
Kavisha Dilhari not out 20 18 2 0 111.11


Extras 3 (b 1 , lb 0 , nb 0, w 2, pen 0)
Total 101/3 (18.3 Overs, RR: 5.46)
Bowling O M R W Econ
Fariha Trisna 2.3 0 23 0 10.00
Sultana Khatun 4 0 24 0 6.00
Rabeya Khan 4 0 11 1 2.75
Nahida Akter 4 0 26 0 6.50
Fahima Khatun 4 0 16 2 4.00



දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 12 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වනු ඇත. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<