මාස 44කට පසුව සිය රටේ දී එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගය සඳහා හෙට (31) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියට පැමිණෙනු ඇත.
කුලසේකර විශ්‍රාම යන්න තීරණය කරයි; ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ තරගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ තවත් දක්ෂ ..
තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක පිළිවෙළින් ලකුණු 91කින් හා කඩුලු 7කින් ජය ගත් ශ්‍රී ලංකාව මේ විට තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන පෙරමුණේ පසුවෙයි. නමුත් දෙරට අතර පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම වැදගත් වන්නේ මෙම එක්දින ක්‍රිකට් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කර තිබෙන නිසාවෙනි. මේ එම තරගයට පෙරවිමසුමක්.
මුහුණට මුහුණ
1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 47ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 38ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී, බංග්ලාදේශ කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කර සිටී. ඊට අමතරව තවත් තරග 2 ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
එසේම මේ දක්වා දෙපිල අතර පවත්වා තිබෙන එක්දින තරගාවලි හතෙන් තරගාවලි හතරක් ශ්‍රී ලංකාව විසින් 3-0ක් ලෙස අවසන් කර තිබෙන අතර අප රට තුල අවසන් වතාවට බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලි පරාජයකට ලක්ව ඇත්තේ 2007 වසරේ දී ය.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ඉතිහාසය තුල ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 31ක් ක්‍රීඩා කරමින් ලකුණු 1206ක් ලබාගෙන ඇත්තේ 48.24ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු බංග්ලාදේශය සමඟින් එක්දින තරග 17කට සහභාගී වෙමින් කඩුලු 31ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
අවිශ්ක ප්‍රනාන්දු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ අවිශ්ක එහි දී ද සාර්ථක වූ නමුත්, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ වමත් – දකුණත් සුසංයෝගයක් පවත්වා ගැනීම වෙනුවෙන් අවිශ්ක මේ තරගාවලියේ දී නැවතත් ආරම්භක පිතිකරුවා ලෙස සිය වගකීම ඉටු කළේය.
ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 12ක දී ලකුණු 437ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක 2ක් හා එක් ශතකයක් වාර්තා කරගෙනයි. ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 36.41ක් වැනි හොඳ මට්ටමක පසු වේ.
- නිමා වූ තරග දෙකේ දස්කම් – ලකුණු 7, ලකුණු 82
තමිම් ඉක්බාල්

පසුගිය තරග කිහිපයේ දී ම ලකුණු අතරට පැමිණීමට අසමත් වූ තමිම් තරගාවලියේ අවසන් එක්දින තරගය තුල වැඩි යමක් කරනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය.
ජාත්‍යන්තර එක්දින තරග 203ක් තුළ ඔහු විසින් ලකුණු 6890ක් ලබාගෙන ඇත්තේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.69ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ඉක්බාල් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 47කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 23ක දී ලකුණු 664ක් ලබාගෙන තිබෙන්නේ 32.34ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 4ක් ඇතුලත්ය.
Video – මාස 44කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී එක්දින තරගාවලි ජයක් – Cricketry
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය ඊයේ ……..
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 15ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 11ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 41.40ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන බංග්ලාදේශ පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
- නිමා වූ තරග දෙකේ දස්කම් – ලකුණු 111, ලකුණු 30
මුෂ්ෆිකර් රහීම්

ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 215ක දී ලකුණු 6090ක් ලබාගෙන ඇත්තේ 36.46ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. රහීම්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 37ක් හා ශතක 7ක් ඇතුළත්ව ඇත.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 29ක් ක්‍රීඩා කොට ලකුණු 773ක් ලබාගෙන තිබෙන නිසාවෙනි.
- නිමා වූ තරග දෙකේ දස්කම් – ලකුණු 67, ලකුණු 98*
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලහිරු කුමාර

ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ වේගවත් කෙටි බවුන්සර් පන්දුවයි. ලහිරු කුමාර ජාත්‍යන්තර එක්දින තරග 10ක දී කඩුලු 9ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 7.03ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
- තරගාවලියේ දස්කම් – 1/45, 0/42
Video – මාස 44කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී එක්දින තරගාවලි ජයක් – Cricketry
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය …….
ටස්කින් අහමඩ්

ලකුණු 28 කඩුලු 5ක් දවා ගැනීම එක් කණ්ඩායමකට එරෙහිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ටස්කින් එක් පන්දුවාරයකට දල වශයෙන් 5.94ක් පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 4ක් ක්‍රීඩා කොට කඩුලු 6ක් දවාගෙන ඇත.
නුවන් ප්‍රදීප්

ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීමේ ලෙස වාර්තා වී ඇත්තේ ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දැමීමයි. ප්‍රදීප් පළමු තරග දෙකේ දී ම බංග්ලාදේශ පිතිකරුවන් ඉතාමත් හොඳින් සිය ග්‍රහණයට හසුකර ගැනීමට සමත් විය.
- තරගාවලියේ දස්කම් – 3/51, 2/52
මුස්ටෆිසුර් රහමාන්

මොහු ජාත්‍යන්තර එක්දින තරග 56ක දී කඩුලු 107ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.97ක් ලෙස දැක්වේ. මුස්ටෆිසුර් රහමාන් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.24ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
වමතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 6/43කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 7ක දී කඩුලු 11ක් රහමාන් විසින් දවාගෙන ඇත.
- තරගාවලියේ දස්කම් – 2/75, 2/50
ආර්. ප්‍රේමදාස තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවම මට්ටමක පවතියි. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 25-30 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
එසේම මෙම ක්‍රීඩාංගණය පිතිකරුවන්ගේ පිතිකරණ පාරාදීසයක් ලෙස මේ ක්‍රීඩාංගණය සැලකිය හැකි අතර පන්දු යවන්නන් අතරින් වේගපන්දු යවන්නට ද වඩාත් හිතකර වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දසුන් ශානක (දෙවන හා තෙවන එක්දින ක්‍රිකට් තරගයට)
බංග්ලාදේශ එක්දින සංචිතය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා
තෙවැනි තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, අකිල දනංජය
බංග්ලාදේශය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, සබීර් රහමාන්, මෙහෙදී හසන්, මොසදික් හුසේන්, සෞම්‍ය සර්කාර්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහමාන්.
Video – තාක්ෂණයෙන් පිරිපුන් හිටපු ක්‍රිකට් නායකයා – මාවන් අතපත්තු
1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ……….
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3873ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4009ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් දිනා ගෙනයි.
ශ්‍රේණිගත කිරීම්වලින් නම් බංග්ලාදේශය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් මේ තරගය ද සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු සහ තවත් බොහෝ දෑ සමඟින් තරගාවලිය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















