ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතයක් එළියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

1730

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

Mominul Haqueගේ නායකත්වයෙන් යුත් සංචිතයට මේ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. උරහිසක ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක Taskin Ahmed හට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී Taskiගේ දකුණු උරහිසෙහි ආබාධ තත්ත්වයක් හට ගත් අතර අනතුරුව ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ද අහිමිව ගියා.

වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්ව සුවය ලබා ඇතත්, මේ වන විට තවත් ආබාධයකට ලක්ව සිටින ශොරිෆුල් ඉස්ලාම් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත්.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් Shoriful Islam පළමු ටෙස්ට් තරගය වන තේරීම් වෙනුවෙන් සලකා බැලෙනු ඇති.

ආරම්භක පිතිකරු Shadman Islam ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නිමා වූ නවසීලන්ත හා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan නැවතත්  ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර සූදානමක් වශයෙන් ඔහු මේ දිනවල දී ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ද එක්ව සිටිනවා.

Rejaur Rahman Raja හා Shohidul Islam යන නවක වේගපන්දු යවන්නන් දෙදෙනා පළමු වරට බංග්ලාදේශ ටෙස්ට් සන්චිතයකට කැඳවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

පළමු ටෙස්ට් තරගයට නම් කළ බංග්ලාදේශ සංචිතය,

Mominul Haque (c), Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Das, Yasir Ali, Taijul Islam, Mehidy Hasan Miraz, Ebadot Hossain, Khaled Ahmed, Nurul Hasan, Rejaur Rahman Raja, Shohidul Islam, Shoriful Islam (subject to fitness)

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<