එංගලන්තයේ ඇරයුම මහේල ප්‍රතික්ෂේප කරයි

4435

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදු කෙරුණු ආරාධනාව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට අමතරව හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙකු වන Ricky Ponting ද අදාළ ධූරය භාර නොගැනීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

එංගලන්ත පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ Chris Silverwood. ඕස්ට්‍රේලියාවට එරෙහි අළුබඳුන තරගාවලියේ දී ලැබූ දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද එංගලන්ත හිටපු පුහුණුකරු Chris Silverwood.

එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට එරට නව කළමණාකාර අධ්‍යක්ෂක Rob Key අවධානය යොමු කර ඇති බව සඳහන්.

ඒ අනුව කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන Ottis Gibson ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීම සදහා මේ වන විට අවධානය යොමු කර ඇති බවයි එංගලන්ත මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<