කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ත්‍රිත්ව සහ සාන්ත බෙනඩික්ට් විදුහල්වලට ජය

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 262/9d (63.2): ඒ. සේනාධීර 53, හසින්ත ජයසූරිය 50, අභිෂේක් ආනන්ද කුමාර් 44, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, ශේසද සොයිසා 5/56.
මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම – 97/10 (42.2): මදුශාන් දිලක්ෂණ 28, ජනිත් ප්‍රනාන්දු 20, විමුක්ති නෙතුමල් 3/35.
මොරටු මහා විද්‍යාලය දෙවන ඉනිම – 41/10 (16): ආර්. පීරිස් 8/28.
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 86/10 (41.4): සචින් සංගීත් 29, මහේෂ් තීක්ෂණ 5/19.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – 300/7 d (52): මහේෂ් තීක්ෂණ 120, කවීෂ ජයතිලක 66*, රයන් සේරසිංහ 45, ඉමේෂ් ප්‍රනාන්දු 39*, කවිඳු නදීශාන් 2/63.
ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 154/10 (66.4): අශාන්ත ද සිල්වා 43, සචින් සංගීත් 34, අරෝශ් ද සොයිසා 31, කවීෂ ජයතිලක 5/68.
සම්පූර්ණ වාර්තාව: ත්‍රිත්ව හා සාන්ත බෙනඩික්ට් පූර්ණ ජයක පහස ලබයි
තිරිමාන්න වාර්තාවක් අතට ගනී

28 හැවිරිදි මේ වමත් පිතිකරුවා ඊයේ තම පළමු පෙළ ක්‍රිකට් දිවියේ හොඳම පෞද්ගලික ඉනිම වාර්තා කළේය. ඒ නොදැවී ලකුණු 166ක් ලබා ගනිමිනි. ඔහුගේ ඉනිම පන්දු 258කින් සමන්විත වූ අතර අලංකාර හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඊට අයත් විය.
පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිස දස වැනි වසර ක්‍රීඩා කරන තිරිමාන්නගේ මීට කලින් පැවති හොඳම ඉනිම වී තිබුණේ ලකුණු 156යි. මෙම තරගය තිරිමාන්නගේ 99 වැනි පළමු පෙළ තරගයයි.
සම්පූර්ණ වාර්තාව: ලහිරු තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි
රග්බි
පළිගැනීම්, බිඳ දැමීම් නිසාවෙන් රග්බි පිටිය උණුසුම්

ඒ අතරින් CR & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා සමාජයත් පොලිස් පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 33-31ක් වශයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට CR & FC ක්‍රීඩකයින් සමත් විය.
මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 64-12ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
එමෙන්ම අවසන් තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC කණ්ඩායම අතර පැවති තියුණු සටනින් ලකුණු 25-27ක් ලෙස ජයග්‍රහණය කිරීමට CH & FC ක්‍රීඩකයින් සමත් විය.




















