මලියදේව සහ ත්‍රිත්ව 13න් පහළ සම ශූරතාවය දිනයි

135

සිංගර් කුසලාන වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ 2019/20 අවසන් මහා තරගය ඊයේ (16) මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවති අතර එම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ නිසා එම කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස තරගාවලිය නිමා කරන ලදි.

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා……….

හික්කඩුව ශ්‍රී සුමංගල ක්‍රිකට් පිටියේ දී පැවති මේ අවසන් මහා තරගය සඳහා මලියදේව විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් ද, ත්‍රිත්ව විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය පරාජය කරමින් ද සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළ අතර මලියදේව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 127ක් වාර්තා කර ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි. 

ඒ සඳහා ඔවුන් පන්දුවාර 74ක් පුරාවට පිතිකරණයේ නිරත වුනු අතර දිනයක් පුරාවට ඉනිම් 4ක් ක්‍රියාත්මක වන මේ තරගයේ පන්දුවාර 74ක් මලියදේව විද්‍යාලය ක්‍රීඩා කිරීම නිසා තරගයේ ප්‍රතිඵලයක් ඒමට තිබූ ඉඩකඩ බොහෝමයක් සීමිත විය.

සංදීප චමෝද් මලියදේව විද්‍යාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර මලිත් රත්නායක ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. කවීන් ගමගේ ලකුණු 22කට කඩුලු 2යි.

පළමු ඉනිමේ ජය සඳහා ලකුණු 128ක ඉලක්කයක් හඹා ගිය ත්‍රිත්ව විද්‍යාලය තරගයේ දිනය අවසන් වන විට පන්දුවාර 23ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලබාගෙන සිය පළමු ඉනිමේ ජය ආසන්නයට පැමිණ සිටි නමුත් මලියදේව පළමු ඉනිම අභිබවා ලකුණු රැස්කරගැනීමට ත්‍රිත්ව විද්‍යාලයට අවස්ථාව ලැබුණේ නැත. 

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා………….

මොහොමඩ් ආදම් නොදැවී ලකුණු 35*ක් ලබා ගනිමින් දස්කම් දක්වන විට, විරුල් ග්‍රේරෝ ලකුණු 21ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී විනුද මාපා සහ විනුක ගලපත්ති අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

මලියදේව විද්‍යාලය – 127/9d (74) සංදීප චමෝද් 23, මලිත් රත්නායක 4/29, කවීන් ගමගේ 2/22 

ත්‍රිත්ව විද්‍යාලය – 89/4 (23) මොහොමඩ් ආදම් 35*, විරුල් ග්‍රේරෝ 21, විනුද මාපා 2/11, විනුක ගලපත්ති 2/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<