Home Sinhala Seifertගේ මල්වෙඩි Titans ප්‍රසාද ලකුණු සටහනේ අංක 1ට ඔසවයි

Seifertගේ මල්වෙඩි Titans ප්‍රසාද ලකුණු සටහනේ අංක 1ට ඔසවයි

LPL 2023

1015
B Love Kandy vs Galle Titans

Lanka Premiere League තරගාවලියේ පිට පිටම තමන් මුහුණ දුන් දෙවැනි තරගයත් ජය ගත් Galle Titans කණ්ඩායම ඊයේ (01) ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා. ඔවුන් හමුවේ ලකුණු 83 දැවැන්ත පරාජයක් ලැබුවේ B-Love Kandy කණ්ඩායමයි

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ක්‍රියාත්මක වූ අතර තීරණාත්මක කාසියේ වාසිය ජය ගත් Titans නායක දසුන් ශානක මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. ඒ අනුව යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ලසිත් කෲස්පුල්ලේ සහ ශෙවෝන් ඩැනියෙල් පළමු කඩුල්ලට ලකුණු 33ක් එකතු කර දුන්නා.

අවසානයේ එම සබඳතාවය බිඳී යන්නේ ඇන්ජලෝ මැතිව්ස් කෙලින්ම පන්දුව කඩුල්ලට යොමු කිරීම නිසයි. ඒ වන විට කෲස්පුල්ලේ ලකුණු 11ක් ලබා සිටියා. භානුක රාජපක්ෂට පිටියේ වැඩි වේලා රැඳී සිටීමට නොහැකි වූ අතර පාකිස්තානු ක්‍රීඩක Aamer Jamal ඔහුගේ ඉනිම ලකුණු 4කට සීමා කළා.

>>HIGHLIGHTS – B-Love Kandy vs Galle Titans – Lanka Premier League 2023 | Match 05<<

ශෙවෝන් ඩැනියෙල් ලකුණු 25ක් ලබා ගත්ත ද මෙම පිතිකරුවන් තිදෙනාම තමන් ලබා ගත් ලකුණු වෙනුවෙන් බොහෝ පන්දු ප්‍රමාණයක් යොදා ගැනීම විශේෂත්වයක්. මේ අනුව 10 වැනි පන්දුවාරය වන විට Titans කණ්ඩායමේ කඩුලු 3ක්ම ලකුණු 60ක් තුල බිඳ වැටී තිබුණු අතර ඔවුන්ට ලකුණු 150ත් ඉක්මවා යාම අසීරු වන බව පෙනෙන්නට තිබුණා.

මේ මොහොතේ පිටියේ එක්වුනු Tim Seifert සහ Shakib Al Hasan තමන් වෙනම තණතීරුවක පන්දුවට පහර දෙන අයුරක් පෙන්නුම් කරමින් Kandy පන්දු යවන්නන්ට හතරේ අතේ පහර එල්ල කළේ නැතිවී යමින් තිබූ තරග වාසිය නැවතත් තමන් වෙතට ඇද ගනිමින්. දිනයේ වඩාත්ම කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළ Tim Seifert පන්දු 39කින් ලකුණු 74ක් ලබා ගත්තේ හතරේ පහර සහ හයේ පහර 5 බැගින් එල්ල කරමින්.

ඔහුගෙන් හැඩවෙන Galle Titans ඉනිමට පදමට ලුණු ඇඹුල් එකතු කළ Shakib Al Hasan පන්දු 21කින් ලකුණු 30ක් රැස් කළා. මොවුන් දෙදෙනා අතරේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 95ක්. අවසානයේ දෙවැනි ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගනිමින් සිටි Shakibව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට Kandy කණ්ඩායමට හැකි වුනා.

>>Photos – Galle Titans vs B-Love Kandy | LPL 2023 – Match 05<<

කෙසේ නමුත් මෙම වෑයම නිසාම ලකුණු 180ක් වැනි දැවැන්ත ලකුණක් කරා යාමට Galle Titansට හැකි වුනා. පන්දු යැවීමේ දී Aamer Jamal, Mohommed Hasnain සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තා. අද දුර්වල පන්දු යැවීමක යෙදුනු Jamal පන්දුවාර 3ක දී ලකුණු 43ක් ලබා දීම විශේෂත්වයක්. ඔහු 11 වැනි පන්දුවාරයට ලකුණු 22ක්ම ලබා දීම Titansවරුන් නැවතත් අලු ගසා දමා නැගී සිටීමට දැඩි උපකාරයක් වුනා.

මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹා යාම සඳහා පිටියට පිවිසි B-Love Kandy කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය එක් ලකුණකට සීමා වුනා. ඒ දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවාරයේ දී ම ශරීරයෙන් ඉවතට ඇදී ගිය පන්දුවක් හඹා යන්නට ගොස් කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දුන් නිසයි. නැවතත් ක්‍රියාත්මක වුනු රාජිත, කමිඳු මෙන්ඩිස්ව ලකුණු 3කට පිටියෙන් ඉවත් කළා.

B-Love Kandy මහත් බලාපොරොත්තු තබා සිටින ඇන්ජලෝ මැතිව්ස් අද සිම්බාබ්වේ ක්‍රීඩක Richard Ngaravaට ගොදුරු වීමත් සමඟ ඉනිම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඔහු ඊට පෙර Shakib Al Hasan අතට ලබා දුන් උඩපන්දුව ඔහු බිම අත හැරිය ද, එහි උපරිම වාසි ලබා ගැනීමට මැතිව්ස් සමත් වුනේ නැහැ.

නුවර පෙරහැර සිහි ගන්වමින් B-Love පිතිකරුවන් එකා පසුපස ක්‍රීඩාගාරයට යන අතරේ වනිඳු හසරංගගේ ඉනිමත් ඊයේ ලකුණු 9කට සීමා වුනා. එම කඩුල්ලත් හිමිවුනේ සිම්බාබ්වේ ක්‍රීඩක Ngaravaටයි. ඉනිම ගරා වැටෙන අතරේ අශේන් බණ්ඩාර පන්දු 19කින් ලකුණු 27ක් ලබා ගත්තේ Titans පන්දු රකින්නන්ගෙන් සිදුවූ අත්වැරදීම් 2ක් උපයෝගී කර ගනිමින්.

ඉසුරු උදාන ලකුණු 16ක් ලබා ගත්තා. පසුව පන්දුව අතට ගත් කලක් ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස වැජඹුනු Tabraiz Shamsi අශේන්වත්, උදානවත් දවා ගන්නේ Kandy කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් දියකර දමමින්. ඔහු හැරෙන්නට රාජිත, Ngarava සහ Shakibද කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

මෙම සුපිරි පන්දුකරණය නිසාම ඊයේ B-Love Kany ඉනිම ලකුණු 97ක් තුල දී නිමාවට පත් වුනේ Titans ක්‍රීඩකයින්ට මෙවර තරගාවලියේ දැවැන්තම ජය උරුම කරමින්. තරගයේ වීරයා ලෙස සුපිරි මල්වෙඩි සන්දර්ශනයක් පෙන්වූ Tim Seifert සම්මාන දිනා ගත්තා.

මේ අනුව කණ්ඩායම් සියල්ල තරග 2 බැගින් ක්‍රීඩා කර අවසන් කිරීමෙන් පසු Galle Titans ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ඉදිරියෙන් සිටින්නේ +2.075ක දැවැන්ත දල ලකුණු වේගයක්ද සමඟිනුයි.

Result


Galle Titans
180/5 (20)

B-Love Kandy
97/10 (17.1)

Batsmen R B 4s 6s SR
Shevon Daniel c Kamindu Mendis b Wanindu Hasaranga 25 31 3 1 80.65
Lasith Croospulle run out (Angelo Mathews) 11 14 1 0 78.57
Bhanuka Rajapaksa c Thanuka Dabare b Aamer Jamal 4 7 0 0 57.14
Tim Seifert c Wanindu Hasaranga b Mohammad Hasnain 74 39 5 5 189.74
Shakib Al Hasan run out (Thanuka Dabare) 30 21 0 2 142.86
Dasun Shanaka not out 9 5 2 0 180.00
Lahiru Samarakoon not out 6 4 1 0 150.00


Extras 21 (b 1 , lb 12 , nb 1, w 7, pen 0)
Total 180/5 (20 Overs, RR: 9)
Bowling O M R W Econ
Mujeeb ur Rahman 4 0 25 0 6.25
Isuru Udana 4 0 30 0 7.50
Aamer Jamal 3 0 43 1 14.33
Mohammad Hasnain 4 0 26 1 6.50
Wanindu Hasaranga 4 0 27 1 6.75
Kamindu Mendis 1 0 16 0 16.00


Batsmen R B 4s 6s SR
Thanuka Dabare c Kasun Rajitha b Lahiru Samarakoon 12 11 2 0 109.09
Dinesh Chandimal c Tim Seifert b Kasun Rajitha 0 2 0 0 0.00
Kamindu Mendis c Shevon Daniel b Kasun Rajitha 3 9 0 0 33.33
Angelo Mathews b Richard Ngarava 2 6 0 0 33.33
Wanindu Hasaranga c Tabraiz Shamsi b Richard Ngarava 9 7 2 0 128.57
Ashen Bandara c Akila Dananjaya b Tabraiz Shamsi 27 19 1 2 142.11
Asif Ali c Akila Dananjaya b Shakib Al Hasan 3 8 0 0 37.50
Aamer Jamal b Shakib Al Hasan 6 22 0 0 27.27
Isuru Udana lbw b Tabraiz Shamsi 16 12 3 0 133.33
Mohammad Hasnain c Kasun Rajitha b Akila Dananjaya 0 6 0 0 0.00
Mujeeb ur Rahman not out 0 1 0 0 0.00


Extras 19 (b 8 , lb 7 , nb 0, w 4, pen 0)
Total 97/10 (17.1 Overs, RR: 5.65)
Bowling O M R W Econ
Kasun Rajitha 2 0 8 2 4.00
Richard Ngarava 3 0 15 2 5.00
Lahiru Samarakoon 2 0 8 1 4.00
Tabraiz Shamsi 4 0 20 2 5.00
Shakib Al Hasan 3 0 10 2 3.33
Akila Dananjaya 3.1 0 21 1 6.77



තමන් මුහුණ දුන් තරග 2ම පරාජය වූ B-Love Kandy ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා. පිළිවෙළින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිව තිබෙන්නේ Dambulla Aura, Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් 3ටයි. ඔවුන් ලකුණු 2 බැගින් ලබා සිටිනවා.

ඊයේ තරගයෙන් පසු කණ්ඩායම් සියල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බලා සංචාරය කරන අතර එහි දී තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලියේ මීලඟ තරග 2 ලබන සිකුරාදා පැවැත්වෙන අතර Colombo Strikers සහ Galle Titans අතර තරගය සවස 3ටත්, Jaffna Kings සහ Dambulla Aura අතර තරගය එදිනම රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි.

එහි සියලුම සජීවී තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<