Home Sinhala වසර 27කට පසුව එංගලන්තය ලෝක කුසලානයට සමීප වෙයි

වසර 27කට පසුව එංගලන්තය ලෝක කුසලානයට සමීප වෙයි

243

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය බර්මින්හැම් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී අද (11) නිමා වූයේ එංගලන්තයට අවසාන මහා තරගයට පිවිසීමට අවස්ථාව විවර කර දෙමිනි. එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නේ වසර 27කට පසුවය.

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා…..

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවෝ පන්දු වාර 49ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 223කට දැවී ගිය අතර එංගලන්තය එම ඉලක්කය ඉතා ලෙහෙසියෙන් පසු කළේ තවත් පන්දු 107ක් ඉතිරිව තිබිය දී ය. ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රහණය සටහන් වූයේ කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් ලෙසිනි.  

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසියේ ඩේවිඩ් වෝනර් ද සමඟිනි. නමුත් ඔවුන්ගේ ආරම්භය එතරම් සුබදායක වූයේ නැත. ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ලකුණු 14ක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරයට යැවීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ පන්දු 37ක් පමණක් වැය කරමිනි. 

ෆින්ච් තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් අසරණ කිරීමට ජොෆ්රා ආචර් සමත් වීම කැපී පෙණුනි. අනතුරුව ඩේවිඩ් වෝනර් (9) දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් වූයේ ජොනි බෙයාස්ටෝව් විසින් රැක ගත් උඩ පන්දුව හේතුවෙනි. ඒ වෙද්දී ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 10ක් ලෙසිනි. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාරයකට ලකුණක් බැගින් එකතු කරමින් ගිය ගමන ද නතර කිරීමට ක්‍රිස් වෝකස් සමත් වූයේ පීටර් හෑන්ඩ්ස්කොම්බ්ගේ (4) කඩුල්ල බිඳ දමමිනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

එතැන් සිට ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි ය. ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව බිඳෙන් බිඳ ගොඩ නැගුවේ එංගලන්ත පන්දු යවන්නන්ගේ ප්‍රබල අභියෝගයන් හමුවේය. එහෙත් සිව්වැනි කඩුල්ලට ලකුණු 103ක් එක් වෙද්දී අලෙක්ස් කේරිට පිටියෙන් ඉවත් වීමට සිදු විය. ඒ අදීල් රෂීඩ්ගේ පන්දුවකට අතිරේක ක්‍රීඩක ජේම්ස් විනිස් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ඇලෙක්ස් කේරි පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියේය. 

එම පන්දුවාරයේම අවසන් පන්දුවේ දී නවක ක්‍රීඩකයා ලෙසින් පිටියට පිවිසි මාකස් ස්ටොයිනිස්ට (0) හිස් අතින්ම ක්‍රීඩා විවේකාරයට යැවීමට සලස්වමින් එංගලන්ත ක්‍රීඩකයෝ නැවත තරගය සියතට ගත්හ. 

ස්ටීවන් ස්මිත් සහ ග්ලේන් මැක්ස්වෙල් එක්ව ඉනිමේ 6 වැනි කඩුල්ලට ලකුණු 39ක් එක් කරද්දී මැක්ස්වෙල්ගේ ඉනිම අවසන් කිරීමට ජොෆ්රා ආචර් සමත් විය. කවර් කලාපයේ පන්දු රකිමින් සිටි නායක ඔයින් මෝගන්ගේ උඩපන්දු රැකීම හමුවේ ඔහුගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 23කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියේය.

ඉන්දීය ක්‍රිකට් රසිකයින් ඩෙඟා නටයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත…..

ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් පැට් කමින්ස් (6) දැවී ගිය පසු 8 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක් කිරීමට ස්ටීවන් ස්මිත් සහ මිචෙල් ස්ටාක් සමත් විය. එවර කඩුල්ල අහිමි වූයේ එතෙක් සාර්ථක මෙහෙයුමක නිරත වූ ස්ටිවන් ස්මිත්ගේ ය. දුවද්දී දවා ගැනීමට ගොදුරු වූ ස්මිත් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. ඒ වෙද්දී ඔහු ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඒ පන්දු 119කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 85ක් වාර්තා කර ගනිමිනි. ස්මිත්ගේ මෙම ඉනිම ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 23 වැනි අර්ධ ශතකයයි.

ඊළඟ පන්දුවේ දී මිචෙල් ස්ටාක්ගේ ඉනිම ද අවසන් කිරීමට ක්‍රිස් වෝකස් සමත් විය. ස්ටාක් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියේය. අවසන් පිතිකරු ලෙසින් ජේසන් බෙහ්රෙන්ඩොෆ් එක් ලකුණකට දැවී ගිය අතර අනෙක් අන්තයේ නේතන් ලයන් නොදැවී ලකුණු 5ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටියේය. 

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යැවූ ක්‍රිස් වෝකස් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

ඊට අමතරව අදිල් රෂිඩ් ද කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර ඔහුට අමතරව ජොෆ්රා ආචර් ද කඩුලු 2ක් දවා ගත්තේය. 

ලකුණු 224ක ඉලක්කයක් පසු පස ගිය එංගලන්ත ක්‍රීඩකයෝ වෙන අන් කවරදාටත් වඩා ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ තම දක්ෂතා මුවහත් කරනු දක්නට ලැබුණි. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාවම ලකුණු 124කි. ජේසන් රෝයි සහ ජොනි බෙයාස්ටෝව් ආරම්භ කළ ඉනිම පන්දු 104කින් නිමා කළේ ස්ටීවන් ස්මිත් යැවුණ තම පළමු පන්දුවාරයේ දී ජේසන් රෝයි එල්ල කළ පිට පිට හයේ පහර තුනක් ද සමඟිනි. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු කඩුල්ල දවා ගැනීමේ ගෞරවය ලබා ගත්තේ මිචෙල් ස්ටාක් ය. ඒ පන්දු 43කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටි ජොනි බෙයාස්ටෝව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. එහෙත් ඒ වෙද්දී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 5කට ලකුණු 50ක් ලෙසිනි. 

උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්සන්……

අනතුරුව පිටියට පිවිසි ජෝ රූට් සමඟ එක් වූ ජේසන් රෝයි නැවත එතැන් සිට තම ඉනිම ආරම්භ කළේය. එහෙත් එංගලන්ත ලකුණු පුවරුවට ලකුණු 147ක් පැමිණෙද්දී තම ඉනිම අවසන් කිරීමට ජේසන් රෝයිට සිදු විය. පැට් කමින්ස්ගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක ඇලෙක්ස් කේරි වෙත උඩ පන්දුවක් දුන්නේ යැයි විනිසුරු කළ දැනුම් දීම එම දැවී යෑමට හේතු විය. කුමාර් ධර්මසේන විසින් ලබා දුන් එම තීරණය සම්බන්ධයෙන් ජේසන් රෝයිගේ එතරම් කැමැත්තක් තිබුණේ නැත. 

අකමැත්තෙන් වූවත් ඔහු පිටිය හැර යන විට පන්දු 65කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 85ක් ලබා සිටියේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 17 වැනි අර්ධ ශතකයයි. 

එම කඩුල්ල අහිමි වීමෙන් පසුව එංගලන්ත ඉනිමට එක් වූ නායක ඔයින් මෝගන් තම කනිෂ්ඨ සගයා සමඟ එක්වෙමින් එංගලන්තය ජයග්‍රාහී මාවතට කැඳවා ගෙන ගියේය. තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ජෝ රූට් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ද, නායක ඔයින් මෝගන් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටියහ. 

කඩුලු ලබා ගැනීමේ දී මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් අතර කඩුල්ල බැගින් බෙදී තිබුණි. 

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

Result


England
226/2 (32.1)

Australia
223/10 (49)

Batsmen R B 4s 6s SR
David Warner c Jonny Bairstow b Chris Woakes 9 11 2 0 81.82
Aaron Finch lbw b Jofra Archer 0 1 0 0 0.00
Steve Smith run out () 85 119 6 0 71.43
PSP Handscomb b Chris Woakes 4 12 0 0 33.33
 Alex Carey c JM Vince b Adil Rashid 46 70 4 0 65.71
Marcus Stoinis lbw b Adil Rashid 0 2 0 0 0.00
Glenn Maxwell c Eoin Morgan b Jofra Archer 22 23 2 1 95.65
Pat Cummins c Joe Root b Adil Rashid 6 10 0 0 60.00
Mitchell Starc c Jos Buttler b Chris Woakes 29 36 1 1 80.56
Jason Behrendorff b Mark Wood 1 4 0 0 25.00
Nathan Lyon not out 5 6 0 0 83.33


Extras 16 (b 0 , lb 6 , nb 0, w 10, pen 0)
Total 223/10 (49 Overs, RR: 4.55)
Fall of Wickets 1-4 (1.1) Aaron Finch, 2-10 (2.4) David Warner, 3-14 (6.1) PSP Handscomb, 4-117 (27.2)  Alex Carey, 5-118 (27.6) Marcus Stoinis, 6-157 (34.5) Glenn Maxwell, 7-166 (37.4) Pat Cummins, 8-217 (47.1) Steve Smith, 9-217 (47.2) Mitchell Starc, 10-223 (48.6) Jason Behrendorff,

Bowling O M R W Econ
Chris Woakes 8 0 20 3 2.50
Jofra Archer 10 0 32 2 3.20
Ben Stokes 4 0 22 0 5.50
Mark Wood 9 0 45 1 5.00
Liam Plunkett 8 0 44 0 5.50
Adil Rashid 10 0 54 3 5.40


Batsmen R B 4s 6s SR
Jason Roy c  Alex Carey b Pat Cummins 85 65 9 5 130.77
Jonny Bairstow lbw b Mitchell Starc 34 43 5 0 79.07
Joe Root not out 49 46 8 0 106.52
Eoin Morgan not out 45 39 0 0 115.38


Extras 13 (b 0 , lb 1 , nb 0, w 12, pen 0)
Total 226/2 (32.1 Overs, RR: 7.03)
Fall of Wickets 1-124 (17.2) Jonny Bairstow, 2-147 (19.4) Jason Roy,

Bowling O M R W Econ
Jason Behrendorff 8.1 2 38 0 4.69
Mitchell Starc 9 0 70 1 7.78
Pat Cummins 7 0 34 1 4.86
Nathan Lyon 5 0 49 0 9.80
Steve Smith 1 0 21 0 21.00
Marcus Stoinis 2 0 13 0 6.50



>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<