ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් උරණ වෙයි

23716

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත අවසන් පූර්ව තරගය ලකුණු 18කින් පරාජයට පත්වීමට ඉන්දියාවට සිදු විය. තරගය අවසන් වීමෙන් පසුව ඉන්දීය ප්‍රේක්ෂකයින් (ඉන්දියාව තුලදී) ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සේයා රූ සහිත පුවරු කිහිපයක් විනාශ කරමින් ඒවාට ගිනි තබා තිබේ.

පරාජයෙන් සසල වූ අසල්වැසියන් කියන කතා

අනෙකුත් කණ්ඩායම් සමඟ සසඳා බැලීමේ දී ………

 

තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක විරාත් කෝලි ප්‍රේක්ෂකයින් තරගයට පසුව හැසිරුණු ආකාරය ගැන සිය අසතුට පළ කරන ලදි.

“මේක ක්‍රීඩාවක්. ඕනම කණ්ඩායමක් ක්‍රීඩාවේ දී දිනන්න හෝ පරදින්න පුළුවන්. ප්‍රතිඵලය මොකක් වුනත් අපි ඕනෑම කෙනෙක් ඒක සතුටින්න භාරගන්න පුරුදු වෙන්න ඕන. විශේෂයෙන්ම අපි මේ තරගය පරාජය වුනේ හොඳ සටනක් දීලා. අපේ ප්‍රේක්ෂකයින්ගෙන් අපිට ලැබෙන සහයෝගය නිසා තමයි අපි මෙපමණ දුර ආවේ. ඉදිරියේ දීත් ඔවුන් අපි සමඟ ඉන්දිය කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.” 

එසේම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවති ආකෘතිය පිළිබඳව ද කෝලිගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගූ අතර එහි දී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

“IPL තරගාවලිය වගේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් සඳහා වැඩි අවස්ථාවක් දෙන්න ඕන, අවසන් මහා තරගයට එන්න Play-Off තරග වටයක් දෙන ඕන කියලා මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෝජනා කරනවා. මොකද නැත්නම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගත් කණ්ඩායම් දෙක ඒ ස්ථානය දිනා ගත්ත එකේ කිසිම වාසියක් නැහැ.”

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත්තේ තරග 9ක් ක්‍රීඩා කොට ඉන් තරග 7ක් ජයගෙනයි. අනෙක් තරග දෙකෙන් එක් තරගයක් ඔවුන් එංගලන්තය හමුවේ පරාජයට පත්වූ අතර තවත් තරගයක් වර්ෂාවෙන් සේදී ගියේය. 

ක්‍රිකට් බලය තවමත් ‘Big 3 අතේ ද?

ඇතැම් අවස්ථාවල දී සාර්ථක වීම් අසාර්ථක වීම් ……..

ඔවුන් පළමු ස්ථානය දිනා ගැනීම නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දිනා ගත් නවසීලන්තය සමඟ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු නමුත් එම තරගය පරාජයට පත්වීම නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට අහිමි විය.

ඉන්දීය ප්‍රේක්ෂකයින් කොතරම් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය කරනවා ද, විශ්වාස කරනවා ද කියතොත් පළමු අවසන් පූර්ව තරගය පැවැත්වීමටත් පෙර අවසන් මහා තරගයේ අලෙවි වීමට නියමිතව තිබූ ප්‍රවේශපත් ප්‍රමාණයෙන් 41%ක පමණ ප්‍රවේශපත් ප්‍රමාණයක් ඉන්දීය ප්‍රේක්ෂකයින් විසින් මිලට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය කිහියපයක් ඊයේ (10) තරගය අවසන් වීමෙන් පසුව වාර්තා කර තිබුණි.

තරගාවලියේ දෙවන තීරණාත්මක අවසන් පූර්ව ක්‍රිකට් තරගය සත්කාරක එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද (11) බර්මින්හැම් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

නිවැරදි කිරීමයි – මින් පෙර මෙම ප්‍රවෘත්තියේ සඳහන් කර තිබූ ඉන්දීය ප්‍රේක්ෂයකයින් විසින් ක්‍රීඩා පිටිය තුල සිදුකරන ලද ගිනි තැබීම අසත්‍ය නමුත් ක්‍රීඩාංගණය තුල යම් ආකාරයක ගිනි ගැනීමක් වාර්තා වී තිබේ. නමුත් එය හටගත් ආකාරය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <