ප්‍රමෝද් සහ චතුරංග කැපී පෙනෙන පන්දු යැවීමක

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021/22

226

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (3) පැවති තරගවල දී Tamil Union ක්‍රිකට් සමාජයේ දකුණතින් වේගපන්දු යවන ප්‍රමෝද් මධුශාන් සහ NCC කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චතුරංග ද සිල්වා දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත් වුනා.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට සහ කළුතර Town Club කණ්ඩායම්වලට එරෙහිව කඩුලු 5 බැගින් ලබා ගත්තා.

ඊට අමතරව පන්දු යැවීමේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ මුදිත ලක්ෂාන්, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ අරවින්ද අකුරුගොඩ සහ BRC කණ්ඩායමේ චමීර දිසානායක ද කැපී පෙනෙන පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක්වුවා.

මේ අතර අද පැවති තරගවල දී අර්ධ ශතක 4ක් වාර්තා වීම ද කැපී පෙනුණා. එහි දී ලංකන් ක්‍රිකට් සමාජයේ ලහිරු ඩිල්ශාන්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ චරිත කුමාරසිංහ, SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල සහ බදුරලිය ක්‍රීඩා සමාජයේ සඳුන් වීරක්කොඩි මේ දක්ෂතා දැක්වූවා.

Group A, ලංකන් සහ Kandy Customs (තර්ස්ටන් ක්‍රීඩාංගණය)

ලංකන් ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක්.

  • Kandy Customs; සියලුම දෙනා දැවී 113 (25.5) මින්හාජ් ජලීල් 28, රවින්ද්‍ර කරුණාරත්න 24, කසුන් මදුශංක 2/13, රජීව වීරසිංහ 2/29, චතුර රන්දුණු 2/15, ගීත් කුමාර 2/14
  • ලංකන්; කඩුලු 3ක් දැවී 116 (19.4) ලහිරු ඩිල්ශාන් 61, ගීත් කුමාර 25,

Group B, කෝල්ට්ස් සහ Tamil Union (කෝල්ට්ස් ක්‍රීඩාංගණය)

Tamil Union ක්‍රිකට් සමාජයට ලකුණු 32ක ජයක්.

  • Tamil Union; සියලුම දෙනා දැවී 200 (44.3) සංතුශ් ගුණතිලක 42, කමේෂ් නිර්මාල් 43, රන්මිත් ජයසේන 35, රවිඳු ප්‍රනාන්දු 39, සංගීත් කුරේ 2/26, මුදිත ලක්ෂාන් 4/37, රොහාන් සංජය 2/48
  • කෝල්ට්ස්; කඩුලු 9ක් දැවී 160 (41) සංගීත් කුරේ 21, ප්‍රියමාල් පෙරේරා 38, ඉසුරු උදාන 2/26, ප්‍රමෝද් මධුශාන් 5/48

Group B, SSC සහ බ්ලූම්ෆීල්ඩ් (SSC)

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණක ජයක්.

  • බ්ලූම්ෆීල්ඩ්; කඩුලු 8ක් දැවී 200 (36) යොහාන් ද සිල්වා 21,චරිත කුමාරසිංහ 62, නිමන්ද මධුශංක 40, කවිඳු නදීශාන් 3/38
  • SSC; කඩුලු 3ක් දැවී 138 (28) ක්‍රිශාන් සංජුල නොදැවී 56, ඔමේෂ් මෙන්ඩිස් 20, රොෂේන් සිල්වා නොදැවී 27

Group A, නාවික හමුදාව සහ කුරුණෑගල Youth (වැලිසර)

කුරුණෑගල Youth ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 74ක ජයක්.

  • කුරුණෑගල Youth; කඩුලු 9ක් දැවී 161 (35) ගයාන් මනීෂාන් 34, ධනුෂ්ක ධර්මසිරි 26, දුලාජ් රණතුංග 39, Dilanka Auwardt 3/22, අරවින්ද අකුරුගොඩ 4/33
  • නාවික හමුදාව; සියලුම දෙනා දැවී 97 (27.5) මධුර මධුශංක 41, ලහිරු ජයරත්න 2/08, දිනුෂ්ක මාලන් 2/05, නවීන් ගුණවර්ධන 2/20

Group A, BRC සහ ගුවන් හමුදාව (BRC)

BRC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 47ක ජයක්.

  • BRC; කඩුලු 9ක් දැවී 186 (48) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, Hitesh Solanki 29, අරවින්ද ප්‍රේමරත්න 2/45, ගයාන් සිරිසෝම 2/38, මොවින් සුබසිංහ 3/32
  • ගුවන් හමුදාව; සියලුම දෙනා දැවී 140 (38.3) දිල්හාන් කුරේ 24, උදයවංශ පරාක්‍රම 30, චමීර දිසානායක 4/18, Dan Mousley 3/32

Group A, මීගමුව සහ යුද හමුදාව (කටුනායක FTZ)

මීගමු ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.

  • යුද හමුදාව; කඩුලු 9ක් දැවී 158 (39) තුලින ඩිල්ශාන් 41, ගිහාන් කෝරළගේ 23, අසේල ගුණරත්න 44, මාධව වර්ණපුර 2/44, පසිඳු උස්හෙට්ටිගේ 2/27, නිශාන් පීරිස් 3/17
  • මීගමුව; කඩුලු 3ක් දැවී 167 (35.3) අශේන් සිල්වා 37, පසිඳු ලක්ශංක 32, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 43, රොස්කෝ තට්ටිල් නොදැවී 41, තුලින ඩිල්ශාන් 2/39

Group A, NCC සහ කළුතර Town Club (NCC)

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.

  • කළුතර Town; සියලුම දෙනා දැවී 79 (28) අසන්ත බස්නායක 24, චතුරංග ද සිල්වා 5/15, මයුර රණසිංහ 3/17
  • NCC; කඩුලු 4ක් දැවී 83 (14) චතුරංග ද සිල්වා නොදැවී 28, අසංක මනෝජ් 3/23

Group B, බදුරලිය සහ සැරසන්ස් (මග්ගොන)

බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්

  • සැරසන්ස්; සියලුම දෙනා දැවී 145 (49.1) ප්‍රවීන්සඳමාල් 21, ප්‍රමෝද් මධුවන්ත 43, නවිඳු විතානගේ 24, බුද්දික සංජීව 2/27, අලංකාර අසංක 3/23, ජීවන් මෙන්ඩිස් 2/21
  • බදුරලිය; කඩුලු 148 (37.4) සඳුන් වීරක්කොඩි 51, ආකාශ් සේනාරත්න 2/49, ප්‍රමෝද් මධුවන්ත 3/25

Group B, පොලිසිය සහ රාගම (තිඹිරිගස්යාය)

රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක්.

  • පොලිසිය; සියලුම දෙනා දැවී 193 (49.5) තිලකරත්න සම්පත් 32, අසේල් සිගේරා 42, චතුරංග කුමාර 26, නිපුන් මාලිංග 2/31, කල්හාර සේනාරත්න 3/41, හරීන් රත්නමුදලි 2/32
  • රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 194 (44.5) දිනෙත් තිමෝද්‍ය 32, සමින්ද ප්‍රනාන්දු 27, ජනිත් ලියනගේ නොදැවී 40, අවිශ්ක තරිඳු 38, ඉෂාන් ජයරත්න නොදැවී 49, නලින් ප්‍රියදර්ශන 2/44

මේ අතර අද Group B කාණ්ඩයෙන් ගාල්ලේ දී අද තරග වැදීමට සිටි ගාල්ල ක්‍රිකට් සමාජය සහ Ace Capital ක්‍රිකට් සමාජය අතර තරගය පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අතහැර දැමුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන් ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<