Home Sinhala පරාජිත තරගයේ චාමිකගෙන් අභිමානනීය ඉනිමක්

පරාජිත තරගයේ චාමිකගෙන් අභිමානනීය ඉනිමක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

270
Chamika Karunaratne

ඉදිරිපෙළ ක්‍රීඩකයෝ සියලු දෙනා ඉතා දුර්වල ලෙසින් අසාර්ථක වෙද්දී තරගාවලි ජයග්‍රහණයේ අභිමානය කර පිට ගත් චාමික කරුණාරත්න, ශ්‍රී ලංකාව වැටෙන්නට තිබූ අභාග්‍ය පරාජයේ අවමානය අවම කර ගැනීමට සමත් වෙද්දී අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වුනා.

අද (24) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දිවා රාත්‍රි තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ද, තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගයේ දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලුම දෙනා දැවී ලකුණු 160ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියාව තවත් පන්දු 63ක් ඉතිරිව තිබිය දී කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

අද තරගයේ දී දෙරට වෙනුවෙන් කෝඩුකාරයන් දෙදෙනෙක් පිටියට කැඳවා තිබුණා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන 28 හැවිරිදි ප්‍රමෝද් මධුශාන් සහ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 27 හැවිරිදි Josh Inglis.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග වෙනුවට දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක සහ ප්‍රමෝද් ඇතුළත් ව සිටි අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ Travis Head වෙනුවට Josh Inglis කැඳවා තිබුණා.

අද ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව; ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, දසුන් ශානක (නායක) දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ
  • ඕස්ට්‍රේලියාව; David Warner, Aaron Finch (c) Mitchell Marsh, Josh Inglis, Marnus Labuschagne, Alex Carey (කඩුලු රකින්නා), Glenn Maxwell, Cameron Green, Pat Cummins, Matthew Kuhnemann, Josh Hazlewood

අද තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණ චාමික කරුණාරත්න පන්දු 75කින් ලකුණු 75ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 61ක් ව සිටිමින් දුර්වල වී සිටිද්දී පිටියට පිවිසෙමින්.

චාමික පිටියට ආ විගස දසුන් ශානක (1) ද ඉන් අනතුරුව ජෙෆ්රි වැන්ඩර්සේ (4) ද අඩු ලකුණුවලට දැවී ගිය පසු ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 85ක් බවට පරිවර්තනය වූවා. එතැන් සිට සියලු බර පැටවුණේ චාමිකගේ කර මතයි.

චාමික 9 වැනි කඩුල්ල සඳහා කෝඩුකාර ප්‍රමෝද් මධුශාන් හා එක් ව පන්දු 101ක දී ලකුණු 58ක සබඳතාවක් ද සහ අවසන් කඩුල්ල සඳහා මහීෂ් තීක්ෂණ හා එක් ව පන්දු 12ක දී ලකුණු 17ක් ද වාර්තා කළා.

අවසන් කඩුල්ල ලෙසින් චාමික දැවී යද්දී ඔහුගේ ඉනිමේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් ව තිබුණා. චාමික මෙම තරගයේ දී වාර්තා කළේ තම එක්දින ජාත්‍යන්තර පිටියේ මංගල අර්ධ ශතකය වන අතර එය 62 වැනි පන්දුවේ දී වාර්තා කිරීම කැපී පෙනුණා.

චාමිකගේ ඉනිමට බර තැබූ ප්‍රමෝද් මධුශාන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද සහ මහීෂ් තීක්ෂණ පන්දු 8කට මුහුණ දෙමින් ලකුණු 2ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිම් හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් පන්දු 41ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 160ක් බවට පරිවර්තනය කර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම පළමු කඩුල්ලේ සිට ම පෙන්නුම් කළ අතර එහි පළමු බිල්ල වූයේ පැතුම් නිස්සංකයි. ඔහුට අද ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. අනතුරුව ධනුෂ්ක ගුණතිලක (8) සහ දිනේෂ් චන්දිමාල් (6) ද අඩු ලකුණුවලට සීමා වුනා.

පෙර තරගයේ දී තම මංගල ශතකය වාර්තා කළ චරිත් අසලංක අද තරගයේ දී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ අතර ඔහු ඒ වෙද්දී ලබා සිටියේ ලකුණු 14ක් පමණයි.

ඊට පසු පන්දුවේ දී එතෙක් වේලා ආරක්ෂාකාරී පිතිහරඹයක නිතර වූ කුසල් මෙන්ඩිස් තම කඩුල්ල තමන් විසින් බිඳ ගනිමින් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම 56ක් වූ අතර කුසල් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 26ක් ලබා සිටියා. කුසල් මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද නම් කෙරුණා.

දුනිත් වෙල්ලාලගේ ඉනිම එක් හතරේ පහරකට පමණක් සීමා වුනා. කඩුලු ලබා ගැනීමේ දී තමන් විසින් යැවුණ පළමු පන්දුවාර 2 දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක්‍රීඩාගාරයට යැවූ Josh Hazlewood ඉනිම අවසන් වන විට ලකුණු 22කට කඩුලු 2ක් ලබා සිටියා. ඊට අමතර ව Pat Cummins සහ Matthew Kuhnemann කඩුලු 2 බැගින් වාර්තා කළා. Glenn Maxwell සහ Cameron Green වෙත කඩුල්ල බැගින් හිමි වුනා.

ඉතා පහසු ඉලක්කයක් ලෙසින් දිස් වූ හඹා යන ඉනිමේ දී ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු 50 වාර්තා වෙද්දී කඩුලු 4ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. ඒ වෙද්දී ඔවුන් වැය කර තිබුණේ ද පන්දු 89ක් පමණයි.

නමුත් එතැන් සිට පිටියට එක් වූ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් එක් කිරීමට Marnus Labuschagne සහ Alex Carey සමත් වුනා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 79ක් පමණක් වන අතර දැවී ගිය ක්‍රීඩකයා වූයේ Labuschagne. ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමගින් ලකුණු 31ක් ලබා ගත්තා.

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයෙන් ඉනිම අවසන් කරන විට lex Carey පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් Cameron Green පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම මෙන් ම තමන්ගේ තරග 5කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගවල හොඳම පන්දු යැවීම ද වාර්තා කළා. ඊට අමතරව මහීෂ් තීක්ෂණ තම පන්දුවාර 10 ලකුණු 26කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගත්තා.

අද තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ ප්‍රමෝද මධුශාන් පන්දුවාර 3ක් ලකුණු 13කට සීමා කරමින් කඩුල්ලක් දවා ගත්තා. Mitchell Marsh ඔහුගේ ගොදුර බවට පත් වෙද්දී එම කඩුල්ල දවා ගැනීමට උඩ පන්දුවක් රැක ගනිමින් සහයෝගය දැක්වීමට පැතුම් නිස්සංක කටයුතු කළා.

Result


Sri Lanka Women
104/5 (20)

India Women
138/6 (20)

Batsmen R B 4s 6s SR
Shafali Verma c Nilakshi de Silva b Chamari Athapaththu 31 31 4 0 100.00
Smriti Mandhana c Chamari Athapaththu b Oshadi Ranasinghe 1 6 0 0 16.67
S Meghna c Chamari Athapaththu b Oshadi Ranasinghe 0 1 0 0 0.00
Harmanpreet Kaur lbw b Inoka Ranaweera 22 20 3 0 110.00
Jemimah Rodrigues not out 36 27 3 1 133.33
Richa Ghosh st Anushka Sanjeewani b Inoka Ranaweera 11 15 1 0 73.33
Pooja Vastrakar b Inoka Ranaweera 14 12 2 0 116.67
Deepti Sharma b 17 8 3 0 212.50


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 138/6 (20 Overs, RR: 6.9)
Bowling O M R W Econ
Udeshika Prabodhani 4 0 21 0 5.25
Sugandika Kumari 3 0 18 0 6.00
Oshadi Ranasinghe 3 0 22 2 7.33
Ama Kanchana 1 0 8 0 8.00
Inoka Ranaweera 4 0 30 3 7.50
Chamari Athapaththu 2 0 7 1 3.50
Kavisha Dilhari 3 0 31 0 10.33


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne lbw b Deepti Sharma 1 5 0 0 20.00
Chamari Athapaththu c Rajeshwari Gayakwad b Poonam Yadav 16 19 2 0 84.21
Harshitha Madavi c Deepti Sharma b Poonam Yadav 10 17 1 0 58.82
Kavisha Dilhari not out 47 49 6 0 95.92
Nilakshi de Silva c Harmanpreet Kaur b Pooja Vastrakar 8 11 1 0 72.73
Ama Kanchana st Richa Ghosh b Shafali Verma 11 10 1 0 110.00
Anushka Sanjeewani not out 10 8 1 0 125.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 104/5 (20 Overs, RR: 5.2)
Bowling O M R W Econ
Renuka Singh 4 0 25 0 6.25
Deepti Sharma 3 1 9 1 3.00
Radha Yadav 4 0 22 2 5.50
Pooja Vastrakar 4 1 12 1 3.00
Rajeshwari Gayakwad 1 0 7 0 7.00
Harmanpreet Kaur 2 0 17 0 8.50
Shafali Verma 2 0 10 1 5.00



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගයේ ද උණුසුම් පුවත් සමගින් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<