පළමු එක්දින තරගයට ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

725

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර හෙට (14) මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත පළමු එක්දින තරගය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc හට මෙම තරගය ද අහිමි වන අතර විස්සයි විස්ස තරගාවලියේ දී විවේක ගත් Pat Cummins පළමු එක්දින තරගයට නම් කළ සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රධාන වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ Kane Richardson ද ආබාධයකට ලක්වීම නිසාවෙන් තරගාවලියේ ඉතිරි තරග අහිමි වන අතර ඔහු හැකි ඉක්මනින් ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට සූදානම් බව ද වාර්තා වනවා.

Kane Richardsonගේ ඉවත් වීමෙන් ඇති වූ හිස්තැන සඳහා වේගපන්දු යවන ක්‍රීඩක Scott Boland සංචිතයට කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය

  • Aaron Finch ©
  • David Warner
  • Steve Smith
  • Marnus Labuschagne
  • Alex Carey (wk)
  • Marcus Stoinis
  • Glenn Maxwell
  • Ashton Agar
  • Pat Cummins
  • Jhye Richardson
  • Josh Hazlewood

තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<