මාස 8කට අසන්න කාලයක් පුරා කණ්ඩායම් 30ක් තරග වැදුණු NBA තරගාවලියේ 67 වන පරිච්ඡේදය තම නමින් ලියා ගැනීමට ගෝල්ඩන් ස්ටේට් වෝරියර්ස් කණ්ඩායම සමත් විය. අවසන් මහා තරග වටයේ දී තරග 4-1ක් ලෙස ඔවුන් හමුවේ පරාජය වීමට ගියවර ශූරතාවය දිනු ක්ලිව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමට සිදු විය.

dsdadතරගාවලිය ආරම්භයේ සිටම ශූරතාව දිනා ගනු ඇති බොහෝ දෙනා විශ්වාස කළ වෝරියර්ස් කණ්ඩායම ශූරතා වටයේ දී තරග 16ක් ජය ගැනීමට සමත් වූයේ එක් තරගයක් පමණක් පරාජයට පත් වෙමිනි.11111111

පළමු තරග දෙකේ දී කැවලියර්ස් කණ්ඩායම දක්ෂතා අතර නොසිටි අතර වෝරියර්ස් කාණ්ඩයේ ආරක්ෂක අන්තයේ දක්ෂතා එම තරග ජය ගැනීමට ප්‍රබල සාධකයක් විය. නමුත් නැවත තම සුපුරුදු රිද්මයට පැමිණි කැවලියර්ස් කණ්ඩායම තෙවන තරගයේ දී ප්‍රතිවාදී වෝරියර්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට සමත් වුවත්, අවසන් මොහොතේ කෙවින් ඩුරන්ට් ලබා ගත් ලකුණු 3 හා ඉගොඩාලාගේ දක්ෂතාවයන් නිසා තරගය ජය ගැනීමට වෝරියර්ස් කණ්ඩායම සමත් විය.dfdfdfads

සිව්වන තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වූ අතර මෙහි දී වාර්තා ගත ජයක් ලබා ගැනීමට කැවලියර්ස් කණ්ඩායම සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. තරග ඉතිහාසයේ වාර්තා කිහිපයක්ම නැවත ලියන්නට කණ්ඩායම් දෙකම සමත් වූ අතර බොහොමයක් ඒවා කැවලියර්ස් කණ්ඩායම සතු විය.

  • අවසන් තරග ඉතිහාසයේ පළමු කාර්තුවේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව (49)
  • අවසන් තරග ඉතිහාසයේ පළමු අර්ධයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව (86)
  • කණ්ඩායමක් ශූරතා වටයේ තරගයක දී වාර්තා කළ වැඩිම 3 points සංඛ්‍යාව (24)

නමුත් නැවත සත්කාරකත්වය දැරීමට ලද අවස්ථාවේ දී තම ක්‍රීඩාලෝලීන් ඉදිරියේ දී ශූරතාවය දිනා ගැනීමට වෝරියර්ස් කණ්ඩායම සමත් වූයේ තියුණු තරගයකින් අනතුරුවයි.asdsdsad

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට වෝරියර්ස් කණ්ඩායමේ කෙවින් ඩුරන්ට් සමත් වූ අතර ස්ටෙෆන් ක’රීගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය. කැවලියර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ක්‍රීඩක ලේබ්රෝන් ජේම්ස් හා ක’යිරී අ(ර්)වින්ග්ගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය.

තවද,

  • අවසන් මහා තරගයක කාණ්ඩ 3ක සාමාන්‍යය 10කට වඩා වැඩි අගයක තබා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ලේබ්රෝන් ජේම්ස් වාර්තා පොත් අතරට එක්විය, ( ලකුණු 33.6, නැවත ලබා ගැනීම්/ Rebounds 12.0, විශිෂ්ට පන්දු හුවමාරු කිරීම්/ Assits 10.0)
  • අවසන් මහා තරග තුල දී පමණක් වැඩිම Triple Double ගණන වාර්තා කිරීමට ලේබ්රෝන් ජේම්ස් සමත් විය. (9)
  • තම NBA ක්‍රීඩා ජීවිතය තුල අවම වශයෙන් තරග වාර 4ක වැඩිම ලකුණු ලාභියා වෙමින්, තරග වාරයේ වීරයා හා අවසන් මහා තරගවල වීරයා යන සම්මාන 2කම දිනා ගත් ක්‍රීඩකයින් 3 දෙනා අතරට එක් වීමට කෙවින් ඩුරන්ට් සමත් විය.
  • තවද 2002 වසරෙන් පසු පිට පිට අවසන් මහා තරග 5ක දී ලකුණු 30ක් හෝ ඊට වඩා ලබා ගත් පළමු ක්‍රීඩකයා වීමට ද ඔහුට අවස්ථාව උදා විය.

වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා මෙන්ම වැඩිම වළක්වාලීම්/Blocks ගණනක් වාර්තා කිරීමට කෙවින් ඩුරන්ට් සමත් වූ අතර ස්ටෙෆන් ක’රී පන්දු පැහැර ගැනීම්/ Steals කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. එසේම වැඩිම නැවත හැරවීම්/ Turnovers ප්‍රමාණය ලේබ්රෝන් ජේම්ස්ගේ නම ඉදිරියේ සටහන් විය.පසුගිය අවසන් මහා තරග වාරයේ දී සියලුම කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට ලේබ්රෝන් ජේම්ස් සමත් වුවත්, මෙවර ඔහුට පෙරමුණ ගැනීමට හැකි වූයේ නැවත ලබා ගැනීම්/ Rebounds, විශිෂ්ට පන්දු හුවමාරු කිරීම්/ Assits යන කාණ්ඩවල පමණක් වීම විශේෂ කරුණකි.dfdsfdsf

කණ්ඩායම් දෙකෙහි ශූරතා වටයේ දක්ෂතා හා ක්‍රීඩකයින් පහත පරිදි වේ.

ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම22222222

ක්ලිව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායම333333

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට