සවි එසවීමේ දැවැන්තයෝ කැනඩාවට

167

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සවි ඔසවන්නන් (powerlifters) තිදෙනෙක් ජාත්‍යන්තර සවි එසවීමේ සම්මේලනය ((IPF)) සංවිධානය කරන සවි එසවීමේ සම්ප්‍රදායික ලෝක ශූරතාවලියේ (Classic World Championship) තරග කිරීමට නියමිතයි. තරගාවලිය ජුනි 1 සිට ජුනි 17 දක්වා කැනඩාවේ කැල්ගරි හිදී පැවැත්වීමට නියමිතයි.

නවක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවකභාවය නිමා කරයි

අද (02) සමස්ත ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රාහී අවසන් දිනයයි…

මේ ලෝක ශූරතාව ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන සවි එසවීමේ ලෝක ශූරතාව වන අතර පසු ගිය වසරේ පළමු වරට ශ්‍රී ලංකාව බෙලරූස් හි පැවති සවි එසවීමේ ලෝක ශූරතාවලියට සහභාගී විය. රන්සිළු ජයතිලක හා ධනුෂ්ක කොඩිකාර ශ්‍රී ලංකාව වෙනුවෙන් සවි එසවීමේ ලෝක ශූරතාවලියකට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකිකයින් ලෙස පසුගිය වසරේ දී ඉතිහාසයට එක්විය.

රන්සිළු ජයතිලක – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සවි ඔසවන්නා වන රන්සිළු ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමේ නායකයා ද වේ. කිලෝග්‍රෑම් 120 බර පන්තියේ තරග කරන ඔහු පසුගිය වසරේ එම බර පන්තියේ 7 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. ’Dead Lift’ ඉසව්වෙන් ආසියානු තරග වාර්තා අලුත් කරමින් කිලෝග්‍රෑම් 315ක් එසවීමට ඔහු සමත් වූ අතර මේ වසරේ දී පළමු ස්ථාන 6 අතරට පිවිසීමේ බලාපොරොත්තුවෙන් ජුනි 12 වැනිදා ඔහු තරග බිමට පිවිසීමට නියමිතයි.

ධනුෂ්ක කොඩිකාර – කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභියෙකු වන ධනුෂ්ක කිලෝග්‍රෑම් 93 බර පන්තියෙන් තරග වදින අතර බෙලරූස් හි පැවති පසුගිය වසරේ තරගාවලියේ එම ඉසව්වෙන් 13 වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුනා. මේ වසරේ පළමු ස්ථාන 10 අතරට පිවිසීම ඔහුගේ ප්‍රමුඛතම බලාපොරොත්තුවයි.  

ඉන්දික පරණගම – ශ්‍රී ලංකාව වෙනුවෙන් 2017 පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේ දී ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා වූ ඉන්දික කිලෝග්‍රෑම් 105 බර පන්තියේ සමස්ත රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. එම බර පන්තියේම ‘Squat’ හා ‘Bench press’ ඉසව්වලින් රන් පදක්කම දිනා ගත් ඔහු ‘Deadlift’ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ජාත්‍යන්තර සවි එසවීමේ සම්මේලනය ((IPF)) සංවිධානය කරන සවි එසවීමේ සම්ප්‍රදායික ලෝක ශුරතාවලියකට ඔහු සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර කිලෝග්‍රෑම් 105 කාණ්ඩයේ පළමු ස්ථාන 10 අතරට පැමිණීම ඔහුගේ අරමුණයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<