ඕස්ට්‍රේලියානුවෝ බංග්ලාදේශයේ සංචාරයකට

142

එළඹෙන අගෝස්තු මාසයේ දී විස්සයි විස්ස තරග පහකින් සමන්විත තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීමේ තරගාවලියක් ලෙස මෙම තරග සංචාරයට එක්වීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

මෙම තරගාවලිය ඕස්ටේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර කොදෙව් දූපත්හී ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර තරග තුනක තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පසුව එහි තරග ගණන පහ දක්වා වැඩි කිරීමට තීරණය කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලිය පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් තීරණය කර නැහැ. ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා පසුගිය වසරේ දී බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා තරගාවලිය අවලංගු කිරීමට සිදු වුනා.

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති නමුත් වර්තමානයේ දී ඉන්දියාවේ පැතිර යන කොරෝනා වසංගතයේ බලපෑම මත තරගාවලියේ සත්කාරකත්වය වෙනස් වීමට හැකියාවක් තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<