Home Sinhala බංග්ලාදේශයට ඉතිහාසගත තරගාවලි ජයක්

බංග්ලාදේශයට ඉතිහාසගත තරගාවලි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

221

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (25) ඩකා හිදී නිමා වුනා.

එම තරගයේ දී ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 103ක දැවැන්ත ජයක් ලබා ගත් බංග්ලාදේශය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ඒ අනුව ICC පිරිමි ලෝක කුසලාන එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ප්‍රසාද ලකුණු 10ක් එකතු කර ගත් බංග්ලාදේශය දැනට එහි පළමු ස්ථානය ලබාගෙන තිබෙන්නේ  ශ්‍රී ලංකාවට තවදුරටත් එහි 12 වැනි ස්ථානය උරුමකර දෙමිනි.

දෙරට අතර පසුගියදා (23) පැවති පළමු එක්දින තරගය පරාජයට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසක් නොකර අද තරගයට අවතීර්ණ වුවත්, එම තරගය ජයග්‍රහණය කළ බංග්ලාදේශය එක් වෙනසක් සමඟ අද තරගයට අවතීර්ණ වීම තරමක් සුවිශේෂී වුනා.

ඒ අනුව බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Taskin Ahmed වෙනුවට Shoriful Islam හට අවස්ථාව ලබා දී තිබූ අතර Shoriful Islam ක්‍රීඩා කරනු ලැබූ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙයයි.

ඒ අනුව නොකඩවා දෙවැනි වතාවටත් තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක Tamim Iqbal පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.

දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Danushka Gunathilaka, Kusal Perera (capt & wk), Pathum Nissanka, Kusal Mendis,Dhananjaya de Silva, Ashen Bandara, Dasun Shanaka, Wanindu Hasaranga, Isuru Udana, Lakshan Sandakan, Dushmantha Chameera

බංග්ලාදේශය – Tamim Iqbal (capt), Liton Das, Shakib Al Hasan,Mushfiqur Rahim (wk), Mosaddek Hossain, Mahmudullah,Afif Hossain, Mohammad Saifuddin, Mehidy Hasan, Shoriful Islam, Mustafizur Rahman

දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාව සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින්, පළමු එක්දින තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් නායක Tamim Iqbalගේ කඩුල්ල සහ Shakib Al Hasanගේ කඩුලු ඉතාමත් ඉක්මනින් දවා ගත්තා.

ඉන් අනතුරුව Mushfiqur Rahim ඔහුගේ අන්තය රැකගනිමින් සුපිරි පිතිකරණයක නිරත වුනු අතර ඔහුගේ ඉනිම අවසන් මොහොත දක්වාම පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ.

Mosaddek Hossain, Mohammad Saifuddin සහ Mahmudullah සමඟ එක්වෙමින් බංග්ලාදේශ මැදපෙළ සහ පසුපෙළ සවිමත් කරමින් සබඳතාවයන් කිහිපයක්ම ගොඩනැංවීමට Rahim හට අවස්ථාව ලැබුණා. 

ශ්‍රී ලංකා පන්දු යැවීම සහ පන්දු රැකීම සතුටුදායක මට්ටමක තිබුණු නමුත් Rahim සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 8 වැනි ශතකය සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් දෙවැනි එක්දින ශතකය ලබා ගනිමින් දස්කම් දැක්වීම නිසාවෙන් බංග්ලාදේශයට සිය ලකුණු සටහන ලකුණු 246ක් දක්වා රැගෙන යාමට හැකියාව ලැබුණා.

ඒ සඳහා ඔවුන්ට පන්දුවාර 48කුත් එක් පන්දුවක් වැය වුනු අතර පන්දුවාර 50 අවසන් වීමට පෙර බංග්ලාදේශ කඩුලු සියල්ලම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. කෙසේ නමුත් තරගයට විටින් විට අවස්ථා කිහිපයක දී ම වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

පන්දු 127ක දී ක්‍රියාත්මක වුනු Rahimගේ ලකුණු 125 ඉවසිලිවන්ත ඉනිම සඳහා 4 පහර 10ක් ඇතුළත් වුනු අතර ඉනිම ආරම්භයේ දී ඔහු තරමක් හෙමින් සීරුවේ ක්‍රීඩා කළත්, අවසන් පන්දු කිහිපය තුල ඔහු සිය පිතිකරණ රිද්මය හාත්පසින්ම වෙනස් කරමින් ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වුනා. ඒ හැරෙන්නට පිතිකරණයෙන් යම් සාර්ථකත්වයක් ලබා ගත්තේ ලකුණු 41ක් ලබා ගත් Mahmudullah පමණයි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගිය අතර ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව බංග්ලාදේශ පිතිකරණය පාලනය කිරීම වෙනුවෙන් වනිඳු හසරංග සිය නියමිත පන්දුවාර 10 තුල එක් නිලකුණු පන්දුවාරයක් ද ක්‍රියාත්මක කරමින් ලකුණු 33කට එක් කඩුල්ලක් දවා ගත්තා. 

ලකුණු 247ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නායක කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක ආරම්භයක් ලබා ගත්තා. කෙසේ නමුත් Shoriful Islamගේ මංගල තරගයේ දී ම කුසල් පෙරේරාගේ කඩුල්ල දවා ගනිමින් ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ ද කඩුලු ලබා ගැනීම ආරම්භ කළා.

පළමු කඩුලු දෙක තුල ගොඩනැංවුණු ලකුණු 24 සහ ලකුණු 29 සබඳතාවය හැරෙන්නට අනෙක් එක් කඩුල්ලක් සඳහා හෝ ලකුණු 18 අභිබවා සබඳතාවයක් ගොඩනැංවීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

concussion substitute අවස්ථාව භාවිතා කරමින් බංග්ලාදේශ කණ්ඩායම  පිතිකරණයේ නිරත වෙමින් සිටි අවස්ථාවේ දී පන්දුවක් හිසේ වැදුණු Mohammad Saifuddin වෙනුවට Taskin Ahmed පන්දු යවන්නෙක් ලෙස මේ තරගයට ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුම දෙනා පාහේ යම් ආරම්භයක් ලබා ගත් නමුත් එය දිගු සාර්ථක ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට එකඳු ශ්‍රී ලාංකික පිතිකරුවෙක්ට හෝ අවස්ථාව නොලැබී යාම ඉතාමත් කණගාටුදායක කරුණක්.

විශේෂයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් බොහෝමයක් දෙනා බංග්ලාදේශ දඟපන්දු යවන්නන් හමුවේ වැඩි අසීරුතාවයකින් පන්දුවට පහර දුන් අතර ඔවුන් නිලකුණු පන්දු යවමින් ගොඩනැංවූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් අපහසුතාවයට පත්වුනා. 

දනුෂ්ක ගුණතිලක ලබා ගත් ලකුණු 24 සහ පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 20 හැරෙන්නට අනෙක් කිසිඳු පිතිකරුවෙක් හට එම ලකුණු සීමාවන් හෝ අභිබවා යාමට හැකියාවක් ලැබුණේ නැහැ. එසේම තණනිල්ලේ තිබුණු අධික පින්න මත වුවත් බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. 

තරගය අවසන් වීමට ආසන්නව තිබිය දී නැවත වතාවක් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය පන්දුවාර 40කට සීමා කළ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 245ක ඉලක්කයක් හඹා යාමට සිදු වුනා. අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 141ක් පමණයි. 

පන්දු යැවීමේ දී Mehidy Hasan Miraz සහ Mustafizur Rahman කඩුලු 3  බැගින් දවා ගන්නා විට Shakib Al Hasan කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියා.

තරගයේ වීරයා – Mushfiqur Rahim (බංග්ලාදේශය)

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 28 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න අප සමඟම. 

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<