ඩිවිලියර්ස්ට ඉදිරිය ගැන දෙගිඩියාවක්

96

දකුණු අප්‍රිකානු හිටපු නායක මෙන්ම දක්ෂ පිතිකරුවෙක් වන ඒ. බී ඩිවිලියර්ස් 2020 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනවා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිසි තීරණයකට පැමිණි නොමැති බව වාර්තා වේ.

නමුත් පන්දුවාර විස්ස ලෝක කුසලානයට තවත් මාස 5ක් පමණ ඉතිරිව තිබිය දී ඔහු සුවිශේෂී ප්‍රකාශයක් කරමින් පවසා සිටින්නේ තමාගේ ක්‍රිකට් දිවියේ නැවත ආරම්භය ගැන පැහැදිලි විශ්වාසයක් නොමැති බවයි.

තෙන්දුල්කාර්ගෙන් විශාල සමාජ සත්කාරයක්

ඉන්දීය හිටපු ප්‍රවීණ පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් මුම්බායි හි …..

මේ සුපිරි පිතිකරුවාට 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී නැවතත් ජාතික කණ්ඩායමට පිවිසෙන ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත් මාර්ක් බවුචර් පවසා සිටියා. පසුව ඩිවිලියර්ස් 2020 ජනවාරි මාසයේ දී එම ආරාධනය පිළිගනිමින්, 2020 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක සංචිතය සඳහා තේරී පත්වුවහොත් ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව පැවසුවා.

නමුත් මේ දිනවල පැතිර යන Covid-19 වසංගතය නිසා පැවැත්වීමට නියමිතව තිබූ බොහෝමයක් ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එසේම ICC විසින් මේ කාල වකවානුව තුල පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගාවලි බොහෝමයක් කල් දමා තිබෙනවා.

කෙසේ නමුත් 2020 ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ වීමට තිබෙන මෙම ලෝක කුසලාන තරගාවලිය කල් දැමීම පිළිබඳව ICCය විසින් තවමත් නිල වශයෙන් තීරණයක් ලබාගෙන නොමැත.

නමුත් එවැනි පසුබිමක් තිබිය දී එක්තරා මාධ්‍යයක් වෙත ඩිවිලියර්ස් මෙසේ සිය අදහස් පවසා තිබුණි.

“ඇත්තටම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට තව මාස 5කටත් අඩු කාලයක් තියෙන්නේ. හැබැයි දැනට ලෝකේ තියෙන තත්වය අනුව මේ තරගාවලිය සැලසුම් කළ පරිදීම ක්‍රීඩා කරයි ද කියලා හරියටම කියන්න බැහැ. ICC එකට තරගය කල් දමන්න වුනොත් ආයිත් මේ අවුරුද්දේ තරගාවලිය තියන්න බැරි වෙයි. ඒක නිසා තව වසරකින් දෙකකින් මේ තරගාවලිය කල් ගියොත් මගේ ශාරීරික යෝග්‍යතාවය කණ්ඩායම වෙනුවෙන් උපරිමය ලබා දෙන්න ලොකු බාධාවක් වෙයි කියලා මට හිතෙනවා. එහෙම වුනොත් මේ ඔක්කොම සැලසුම් වෙනස් වේවි.” 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් කල් යන ලකුණු!

දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් …..

“අපේ කණ්ඩායමත් සැලසුම් කරගෙන හිටපු තරගාවලි ගොඩක් මේ කොරෝනා වසංගත තත්වය නිසා පවත්වා ගන්න බැරි වුනා. ඉදිරියේ දී ශ්‍රී ලංකාව එක්ක සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එක්ක පවත්වන්න තිබ්බ තරගාවලිවල දී මාව සංචිතයට යොදා ගන්නත් ඔවුන් සැලසුම් කරගෙන හිටියා. ඒ වගේම මේ පාරත් මම IPL එකේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන්න හිටියේ නමුත් ඒ අවස්ථාවත් නැති වෙලා ගියා.”

ඩිවිලියර්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට පෙර කණ්ඩායමේ පුහුණුකරු වූ ඔටිස් ගිබ්සන් හා උපනායක ෆෆ් ඩූ ප්ලේසි ගෙන් විමසා තිබෙන අතර ඔවුන් ද ඒ සඳහා සිය එකඟතාවය පළ කර තිබුණි.

2019 ලෝක කුසලානය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කිරීමට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට තමන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා පැමිණීමට සූදානමින් සිටින බව ඩිවිලියර්ස් විසින් පවසා තිබුණ නමුත්, දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා ජාතික කණ්ඩායමට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩකයින් හට එය විශාල අසාධාරණයක් බව පවසමින් ඩිවිලියර්ස්ගේ ඉල්ලීම එරට ක්‍රිකට් පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. 

ලෝක කුසලාන තරගාවලියට පෙර එක්දින තරග දෙකකට ක්‍රීඩා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි නමුත් ඩිවිලියර්ස් එය ප්‍රතික්ෂේප කිරීම මෙලෙස ලෝක කුසලානයට එක්වීමට ඔහු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට එක් හේතුවක් වුනා. 

දකුණු අප්‍රිකානු රාජ්‍යයට ද මේ වන විට කොරෝනා වසංගතය නිසා යම් බලපෑම් එල්ල වී තිබෙන නිසා ඔවුන්ගේ රටට ද මේ වන විට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ නිසාවෙන් ඔවුන්ගේ ක්‍රීඩකයින් සියලුම දෙනා නිවෙස් තුලට වී සිය පුහුණුවීම් කටයුතු සහ ව්‍යායාම් කටයුතු සිදු කරන බව එම හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන ඩිවිලියර්ස් පවසා සිටියා.

හෙඩින්ග්ලි වීරයාගේ වික්‍රමය නැවතත් රූපවාහිනි තිරයට

ටෙස්ට් ක්‍රිකට් වංශ කතා පොත අලුත් කරමින් හෙඩින්ග්ලි ක්‍රීඩාංගණය දෙවනත් කළ බෙන් ස්ටොක්ස්ගේ එම අග්‍රගණ්‍ය ඉනිම පිළිබඳව අදටත් බොහෝදෙනා අතර දැඩි කතාබහට ලක්වන්නේ එහි ගැබ්ව තිබූ ….

කෙසේ නමුත් මේ වන විට 115,000කට ආසන්න ප්‍රමාණයකගේ දිවි අහිමි කරමින් පැතිර යන මෙම Covid-19 වසංගත තත්වය නිසාවෙන් ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළු ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන බොහෝමයක් ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් තිබේ.

ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමින් ලොව පුරා ක්‍රිකට් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ලොව පුරා ක්‍රිකට් ආයතන සඳහා ඉදිරියේ දී යම් යම් මූල්‍යමය අපහසුතාවයන් සඳහා මුහුණ දීමට සිදු වනු ඇති බවට ක්‍රිකට් විචාරකයින් මත පළ කොට ඇත

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<