හුදෙකලාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සූදානමක්!

71

ක්‍රිකට් තරගයක ආශ්වාදය යලි කවදා විඳගැනීමට හැකි වේ දැයි දින ගනිමින් සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් හට ඒ පිළිබඳ යම් බලාපොරොත්තුවක් දල්වාගත හැකි පුවතක් පසුගිය දිනක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා සිදු කළ ප්‍රකාශයක ගැබ්ව තිබූ බව වාර්තා වේ.

මෝදිගේ මෙහෙයුමට සහාය දක්වන්න සුපිරි ක්‍රීඩා තරු රැසක් සීරුවෙන්

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලැව් ගින්නක් මෙන් ලොව පුරා රටවල් 200කට ආසන්න…..

Covid-19 හෙවත් නව කොරෝනා වයිරසයේ බලපෑම නිසාවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය මේ වන විට මුළුමනින්ම පාහේ අඩපණ වී, දැවැන්ත කඩා වැටීමකට ලක්ව තිබෙන්නේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි රැසක්ම දින නියමයකින් තොරව කල් දැමීමට හෝ අවලංගු කිරීමට එම තරග සංවිධායකවරුන් හට ඉඩ සලසා දෙමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම ද ඒ අයුරින් ලියැවෙද්දී ලැන්ගර් මහතා ඇතුළු බොහෝ විචාරකයින් විශ්වාස කරන පරිදි ප්‍රේක්ෂකයින් නොමැතිව හෝ සුපුරුදු පරිදි තරග ආරම්භ කිරීම ක්‍රීඩාවේ ඉදිරි ගමන සඳහා අතිශය වැදගත් වනු ඇති බවයි. 

එවැනි පියවරක් අනුගමනය කිරීම මඟින් ක්‍රීඩාලෝලීන් එකම වේලාවක දී එකම ස්ථානයකට රැස්වීම මඟ හැරෙන නිසාවෙන් රෝගය ව්‍යාප්ත වීමේ යම් අවදානමක් වෙතොත් එය ද ඉතාමත් අවම මට්ටමකට ගෙන ආ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

BBC ගුවන් විදුලිය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ ලැන්ගර් මහතා පෙන්වා දුන්නේ ක්‍රීඩාවේ හෙට දවස ගැන සිතා මෙවැනි කැප කිරීමක් සිදු කිරීම මේ අවස්ථාවේ දී කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි.

කාර්යබහුල එංගලන්ත තරග කාල සටහනට මෝර්ගන්ගෙන් විසඳුමක්

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝර්ගන් පවසා සිටින්නේ කොරෝනා වෛරස අවදානම පහව ගිය පසුව එංගලන්තයේ…..

“අපි හැමෝම ආයිත් ඇඳිලා යනවා අපේ අතීතයට. ක්‍රිකට්වලට අත්පොත් තියපු ඒ සුන්දර කුඩා අවධියට. ඒ කාලේ අපි ක්‍රිකට් ගැහුවේ ක්‍රීඩාවට තියෙන ආදරයට. එතකොට මේ වගේ ප්‍රේක්ෂකයෝ කවුරුත් හිටියේ නැහැ. අපිට ඕන වුනේ පිටිය මැද්දට ගිහින් යාළුවෝ එක්ක අපි ආසම දේ හොඳින් කරන්න. ක්‍රිකට් තමයි අපේ ජීවිතය වුනේ.”

“මේ ක්‍රමය ක්‍රීඩකයින්ට වගේම ප්‍රේක්ෂකයින්ටත් සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා මම විශ්වාස කරනවා. මොකද රූපවාහිනි සහ ගුවන් විදුලි මඟින් තරග සජීවීව විකාශනය කරන නිසා ඔවුන්ට ඕනෑම තරගයක් නිවසටම වෙලා නරඹන්න අවස්ථාව තියෙනවා.”

“ඒක තරමක් අමුතු අත්දැකීමක් වෙයි. නමුත් අපි හැමෝටම මේ ක්‍රීඩාවත් එක්ක පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. ඒ නිසා මම හිතෙනවා හැමෝටම කෙටි කාලෙකට හරි මේ ක්‍රමවේදයට අනුගත වෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් කියලා.”

ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් ද පසුගිය දා තරමක වෙනස් යෝජනාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ එංගලන්ත කණ්ඩායමේ තරගාවලි කාලසටහන ඉදිරියේ දී ඉතාමත් කාර්‍යබහුල සහ වෙහෙසකර එකක් බවට පත් වුවහොත් එකම දිනෙක ක්‍රීඩාංගණ දෙකක කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරවීමේ හැකියාව ඔවුන් සතු වන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<