තායිලන්තයේ දී අයේෂාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌

188

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ පිහිටුවීමට අයේෂා මධුවන්ති ඊයේ (14දා) සමත් වූවාය.

ඒ අනුව ඇය සිය පළමු විසි කිරීමේ දී මීටර් 47.93 ක දක්ෂතාවක්‌ දැක්‌වූ අතර දෙවැනි විසි කිරීමේ දී මීටර් 48.08ක දක්ෂතාවක්‌ දක්‌වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටු වන ලදී.

ආසියානු මළල ශුරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 22ක්

ජුලි මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම්..

මීට ප්‍රථම අදාළ ඉසව්ව සඳහා පැවති වාර්තාව ද ඇය සතු වූ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් මෙම වසරේ පවත්වන ලද පළමු තේරීම් පරීක්ෂණයේ දී මීටර් 47.92ක දක්ෂතාවක්‌ දක්‌වමින් එම වාර්තාව ඇය විසින් පිහිටුවා තිබුණි.

මීට අමතරව ඊයේ මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් කාලිංග කුමාර එම ඉසව්ව 47.55ක කාලයක්‌ සටහන් කරමින් නිමා කර තිබුණු අතර එය මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ පළමු රන් පදක්කම විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් සහ රිදී පදක්කම් දෙක බැගින් දිනා ගෙන සිටී.

  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට