ඉක්බාල් සහ කයෙස් නීතියෙන් පිට පනියි

1120
Tamim Iqbal, Imrul Kayes

තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කයෙස් යන බංගලාදේශ පිතිකරුවන්ට තරග මුදලින් 15% බැගින් වන දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් නීති උල්ලංඝනය කිරීමක් මීට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම පසුපස බංගලාදේශය හඹා එයි

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් පීඩනය යටතේ වාර්තා කල විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අද (16) ලකුණු 300 ඉක්මවා යාමට සමත් විය..

ක්‍රීඩකයන් සහ සහායකයන් සඳහා වන ජාත්‍යන්තර ක්‍රිකට් වගන්ති අංක 2.1.1 උල්ලංඝනය කළ පිතිකරුවන් දෙදෙනා හසුව ඇත්තේ “ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක වන අයුරින් ක්‍රියා කිරීම” යන වරදටයි.

“කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීමක දී තමීම්, තමන්ගේ පිත්තේ පන්දුව වැදුණු බව පෙන්වමින් තම පිත්ත විනිසුරු වෙත දිගු කරනු ලැබුවේය”. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය මාධ්‍ය නිවේදනයෙන් එසේ නිවේදනය කළේය.

“පන්දු රකින අන්තයේ දී උඩ පන්දුවක් රැක ගත් බවට කළ ඉල්ලීමක දී ඉම්රුල් සිය කලවා ප්‍රදේශය පෙන්වමින් පන්දුව පිත්තේ නොවැදුණු බව පෙන්වූයේය”. ඉම්රුල් කයෙස්ගේ වරද එයයි.

“තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් දෙදෙනාම කළ වරද පිළිගනිමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඬුවම අනුමත කළ බැවින් ඒ පිළිබඳව වැඩිදුර පර්යේෂණය කිරීම අනවශ්‍ය විය.”

දඩය නියම කරන ලද්දේ පිටියේ විනිසුරුවන් වූ අලීම් ඩාර්, එස්. රවී සහ තෙවන විනිසුරු මරායේ එරාස්මස්, සිව්ව්න විනිසුරු රුචිර පල්ලියගුරුගේ යන අය විසිනි.

කෙසේ වෙතත් මෙය පළමු මට්ටමේ වරදක් වීම හේතුවෙන් දෙදෙනාටම සුළු දඩයක් පමණක් නියම විය. 2016 සැප්තැම්බර් 22 වන දා සිට ක්‍රියාත්මක “7.3 නව වගන්තිය” යටතේ දෙදෙනාගේම විනය වාර්තාවලට අයහපත් ලකුණු 2ක් එක් වේ.

මාස 24ක කාලයක් ඇතුළත ඔවුන් දෙදෙනාට අයහපත් ලකුණු 4 බැගින් එක්වුවහොත් ඔවුන්ට තහනම් ලකුණු දෙකක් ලබා දෙන අතර එය එක් ටෙස්ට් තරගයක් හෝ සීමිත පන්දුවාර තරග දෙකක තහනමකට ඔවුන්ව සුදුස්සන් කරනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට