රෂීඩ් 2023 ලෝක කුසලාන සැලසුම් හෙලි කරයි

71
Adil Rashid

2023 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කරන්නට තමන්ටත් අවස්ථාව ලැබුණහොත් එය ඉතා වටිනා බව එංගලන්ත පා දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් පවසා සිටිනවා. ඒ වන විට රෂීඩ්ගේ වයස අවුරුදු 35ක්.

2020ට ඉතුරු වුනේ මොනවා ද?

ක්‍රිකට් ක්‍රීඩාව අර්බුද රැසකට ඇද දමමින් ජාත්‍යන්තර තරගාවලි රැසක් කල්දමා ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

උරහිසේ ආබාධයකින් ද පෙළෙන රෂීඩ්, පසුගිය වසරේ එංගලන්තයට සිය මංගල ලෝක කුසලානය දිනා දුන්නේ වේදනා නාශක එන්නතක් ලබා ගෙන ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්.

හැකිතාක් කාලයක් එංගලන්තයට කිරීම ඔහුගේ ඉලක්කය යැයි රෂීඩ් පසුගිය දිනෙක වාර්තාකරුවන්ට පවසා තිබුණා. “අපි දන්නේ නැහැ කොච්චර කල් අපිට මෙහෙම ඉන්න වෙයි ද කියලා. සමහර විට මාස ගණන් වසර ගණන් අපිට ඉන්නට වේවි.”

“මගේ බලාපොරොත්තුව තියෙන්නේ 2023 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරන්න. එය ඉතා වටිනා දෙයක් වේවි.”

“මම හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් හිටියොත් සහ මගේ උරහිස ශක්තිමත් අතට හැරුණොත් මම බලාපොරොත්තු වෙනවා ගොඩ කාලයක් ක්‍රීඩා කරන්න.”

යෝක්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරන රෂීඩ් පසුගිය ලෝක කුසලානයේ සෑම තරගයක්ම පාහේ ක්‍රීඩා කරන්නට සමත් වුනා. ඔහු තරගාවලිය පුරාවට කඩුලු 11ක් දවා ගත්තත්, ඔහුගේ සාමාන්‍ය දැක්වුණේ 47.81ක් ලෙසයි. ඔහු එම තරගාවලියේ දී සිය උපරිම ශාරීරික යෝග්‍යතාවයෙන් නොසිටියත්, එංගලන්ත නායක ඔයින් මෝර්ගන් ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබුණා.

“ඔහු දැන සිටියා මගේ උරහිස එතරම් හොඳ නැහැ කියලා, ඒ වුනත් ඔහු දිගින් දිගටම මට සහය දුන්නා. මම හොඳ ශක්තිමත් මනසකින් තමයි ක්‍රීඩා කරන්න ගියේ. ඒ වගේම මම හිතනවා මම හොඳින් ක්‍රීඩා කළා කියලා. එයින් හොඳටම පෙනෙන්නේ මම 100% සුව වුනාම සියල්ල යහපත් අතට හැරෙයි කියලා.”

සිත් රිදීම් මැද අනාගතය දකින එංගලන්ත වේගපන්දු යවන්නා

එංගලන්ත වේගපන්දු බලඇණිය ශක්තිමත් කළ ප්‍රධානතම තුරුම්පුවක් ලෙස ලියම් ප්ලන්කට්ගේ

රෂීඩ් එංගලන්තය වෙනුවෙන් වටිනා කඩුලු දවා ගන්නා ක්‍රීඩකයෙක් ලෙස නම් දරා ඇති අතර ටෙම්බා බවුමා හා ක්වින්ටන් ඩි කොක් ඇතුළුව ලකුණු 52කට කඩුලු තුනක් දවා ගත් ඔහු ගෙවුණු පෙබරවාරියේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයේ වීරයා සම්මානයක් ද දිනා ගත්තා.

මීළඟ ලෝක කුසලානය ඉන්දියාවේ දී ක්‍රීඩා කරන්නට නියමිතව ඇති නිසා දඟ කැවෙන ඉන්දීය තණතිලි මත රෂීඩ්ගේ දක්ෂතා එංගලන්තයට ඉතා වැදගත් වනු ඇත.

“දකුණු අප්‍රිකානු තරගාවලිය මට ඉතා වැදගත් තරගාවලියක් වුනා. දකුණු අප්‍රිකාවේ දී මගේ උරහිස ඉතා හොඳ තත්වයක තිබුණා.”

රෂීඩ් පවසා සිටින්නේ කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා 2020 එංගලන්ත සීමිත පන්දුවාර තරග සැලැස්ම වෙනස් කළ යුතු යැයි තමන් නොසිතන බවයි. නමුත් ටෙස්ට් තරග 19ක් ක්‍රීඩා කර ඇති රෂීඩ් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර 2021/22 අළුබඳුන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ද සිටිනවා.

“මම ටෙස්ට් තරග ක්‍රීඩා නොකර සීමිත පන්දුවාර තරග පමණක් ක්‍රීඩා කරන්නට තීරණය කළොත් මට අළුබඳුන තරගාවලිය ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ නැහැ. නමුත් මට අවස්ථාව ලැබුනොත් හා මම හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සිටිනවා නම් මම ඒ අවස්ථාව ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා වගේම මම ඒ අවස්ථාව උපයා ගන්නට මහන්සි වෙනවා.”

රෂීඩ් තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එළඹෙන සතියේ දී රාමසාන් උත්සවය පැවැත්වීමට නියමිතව තිබුනත්, රජයේ ඉල්ලීම් පිළිපදිමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එම උත්සවය සමරන ලෙස එංගලන්තයේ මුස්ලිම් ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බවයි. “පවුලේ අය හා යහළුවන් හමුවෙන එක නොවෙයි දැන් කරන්නට ඕනේ වැදගත්ම දෙය. ප්‍රධානතම දෙය තමයි අපි ගෙදරට වෙලා ඉන්න එක.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<