ජීවක ශෂීන්ගෙන් ද්විත්ව ශතකයක්

298

තවමත් 16 වැනි වියේ පසුවෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ජීවක ශෂීන් ලබා ගත් ද්විත්ව ශතකය හේතුවෙන් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සමඟ ඊයේ (25) කුරුණෑගල දී ආරම්භ වූ තරගයේ පළමු දිනයට තරගය නතර කරන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 441ක් ලබා ගැනීමට සමත් විය.

ද මැසනඩ් විද්‍යාලය ජයග්‍රහණය අභියස නවතී

2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ ….

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර එහි දී ජීවක ශෂීන්ගේ ද්විත්ව ශතකය කැපී පෙණුනි. ඔහු තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 32ක් සමඟින් නොදැවී ලකුණු 227ක් ලබා සිටියේ ය.

ඔහුට අමතරව පැතුම් මධුශංක පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තේ ය. ජීවක ශෂීන් සහ පැතුම් මධුශංක එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 210ක සබඳතාවක් එක් කළහ.

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 441 (95) ජීවක ශෂීන් නොදැවී 227, පැතුම් මධුශංක 95, දිනිත ප්‍රබංක 33, ගිහයාන් අබේවර්ධන 3/69, අකලංක පෙතියාගොඩ 2/75

තරගය හෙට (26) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.


කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ ඊයේ (25) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් රාජකීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 245ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනයට නතර කරන විට සංචාරක ත්‍රිත්ව ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 69ක් ලබා සිටිය හ.

රාජකීය ඉනිම වෙනුවෙන් කවිඳු මදාරසිංහ සහ ඉසිවර දිසානායක අර්ධ ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. කඩුලු දවා ගැනීමේ දී කවිශ්ක සේනාධීර සහ රුවින් පීරිස් කඩුලු 3 බැගින් දවා ගත්හ.  

රාජකීය විද්‍යාලය; පළමු ඉනිමසියලුම දෙනා දැවී 245 (74.5) කවිඳු මදාරසිංහ 62, ඉසිවර දිසානායක 60, අශේන් වික්‍රමසිංහ 45, භාග්‍ය දිසානායක 22, රුවින් පීරිස් 3/49, කවිශ්ක සේනාධීර 3/89, අභිෂේක් ආනන්දකුමාර් 2/38

ත්‍රිත්ව විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 69 (18) පුබුදු බණ්ඩාර 25, ලහිරු මධුශංක 2/26

තරගය හෙට (26) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

අශාන්ගේ ශතකය වතුරේ යද්දී චන්දි, උඩවත්ත NCC දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකටි සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ….


මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ අවසන් වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා ලකුණු 163ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 122ක් පමණි. ලකුණු 41ක් ඉදිරියෙන් සිටිමින් තම ඉනිම ආරම්භ කළ සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 7ක් දැවි ලකුණු 237ක් ලබා සිටිය හ.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (71.2) මනෝහරන් පවිතරන් 33, චරිත් රාජගුරු 30, නදීර බාලසූරිය 30, චන්දුල ජයකොඩි 24, දේවින්ද දිසානායක 3/25, මහිඳුල එදිරිවීර 2/18, උත්පල ජයලත් 2/33

කිංග්ස්වුඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (42.2) විනුක පුස්සපිටිය 32, දීඝායු බණ්ඩාර 26, පසන් හෙට්ටිආරච්චි 5/31, චරිත් රාජගුරු 2/34

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 237ක් දැවී 237 (71) අවිඳු හේරත් 64, මනෝහරන් පවිතරන් 35, නදීර බාලසූරිය නොදැවී 70, චන්ඳුල ජයකොඩි 22, ලක්මාල් ද සිල්වා 2/38, දේවින්ද දිසානයක 2/58, මහිදුල එදිරිවීර 2/56


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 124කි. ඊට පිළිතුරු ලෙසින් සංචාරක රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.

ලකුණු 20ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත සර්වේසස් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 56ක් ලබා සිටිය හ.   

සාන්ත සර්වේසස් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා පුෂ්පිත ඩිල්ශාන් (42) වූ අතර දිලුම් සූධීර ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තේ ය. රිච්මන්ඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ විනුජ කිරිඇල්ල ය. ඔහු ලකුණු 31ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී මතීෂ මධුශාන් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

සාන්ත සර්වේසස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 124 (38.4) පුෂ්පිත දිල්ශාන් 42, ශෂික දුල්ශාන් 29, දිලුම් සුධීර 4/48, චමත් දිල්සර 2/36

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (34) විනුජ කිරිඇල්ල 31, චේතක දෙනුවන් 4/07, මතීෂ මධුශාන් 4/33, ශෂික දුල්ශාන් 2/38

සාන්ත සර්වේසස් විද්‍යාලය; කඩුලු 5ක් දැවී 56 (20) සඳුන් මෙන්ඩිස් 3/20, දිලුම් සුධීර 2/16

තරගය හෙට (26) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

“ස්ටේන්ටයි රබාඩාටයි ගහන්න තමයි මං Plan කරලා තිබ්බේ.” – ඕෂද

පසුගිය සෙනසුරාදා (23) නිමාවට පත්වුණු ශ්‍රී …


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බණ්ඩාරනායක ක්‍රීඩකයෝ සියලුම දෙනා ලකුණු 87කට දැවී ගිය හ. ඊට පිළිතුරු ලෙසින් ඩී. එස්. ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 250ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ.

ලකුණු 163ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි බණ්ඩාරනායක විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 58ක් ලබා සිටිය හ.

ඩී. එස්. ඉනිමේ දී ෂෙනෝල් ජයසේන නොදැවී ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මුදිත ලක්ෂාන් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

බණ්ඩාරනායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (25.2) සිතිජ සිල්වා 29, ගයාෂාන් හෙට්ටිආරච්චි 22, පසිඳු ආදිත්‍ය 5/26, මෙතූෂාන් කුමාර 2/16

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 250 (51) ෂෙනෝල් ජයසේන නොදැවී 103, මුදිත ලක්ෂාන් 60, ටෙරන් බාස්කරන් නොදැවී 21, රිසිත මදනායක 2/29

බණ්ඩාරනායක විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 58 (14) සඳරු චන්දිත 4/31

තරගය හෙට (26) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා සිටිය හ.

අද දවසේ දී කැපී පෙණෙන පිතිකරු වූයේ ඩෙලොන් පීරිස් ය. ඔහු ලකුණු 48කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (63.5) බ්‍රයන් ජෝන්පිල්ලේ 49, මහීෂ තීක්ෂණ 29, කවීෂ ජයතිලක 24, කලන පෙරේරා 4/57, ඩෙලොන් පීරිස් 6/48

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 154 (31) රවිඳු ද සිල්වා නොදැවී 79, කිශාන් මුණසිංහ නොදැවී 35, ඉමේෂ් ප්‍රනාන්දු 2/36

තරගය හෙට (26) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<