“දෙවියන්ට ස්තුතියි” – මෙසී

127
Messi's speech at his statue opening
Courtesy - Sportstar

දකුණු ඇමරිකානු පාපන්දු බලාධිකාරය නොහොත් CONMEBOL විසින් ලෝක ශූර Lionel Messi (ලියොනල් මෙසී) වෙනුවෙන් පිළිරුවක් නිර්මාණය කළා. එහි විවෘත කිරීමේ උළෙලට ලියොනල් මෙසී සහභාගී වුනා.

“මේකත් එක්ක මම සම්පූර්ණ වුනා. ඒක තමයි මට අඩු වෙලා තිබුණු දේ. පාපන්දු සම්බන්ධ හැමදේකටම දෙවියන්ට ස්තුතියි,” මෙසී සඳහන් කළා.

පිළිරුව සහිත කෞතුකාගාරය තුළ ලෝක ශූර දකුණු ඇමරිකානුවන් වන Pele (පේලේ) සහ Diego Maradonaගේ (ඩියේගෝ මැරදෝනා) පිළිරූ ද පවතිනවා. 35 හැවිරිදි මෙසී ඊට එක්වුණේ පසුගිය සඳුදා (27) දිනයේ දීයි.

“මේ කුසලාන මම ගෙදර කෞතුකාගාරයේ තියාගන්නවා. අපට කරපු ගෞරවය සහ මේ තේමාව ගැන CONMEBOL එකට ස්තුතියි. අපි ඉතාම ලස්සන අවස්ථා වල ජීවත් වෙනවා. අපි ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ ආජන්ටිනාවට එන්න තරම් වාසනාවන්තයි. අපට ආදරණීය ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒක වෙනස්. එහෙම තමයි ආජන්ටිනාවේ මිනිසුන් එය පෙන්වන්නේ,” මෙසී සිය සංවේදී වචන ස්වල්පයේ දී සඳහන් කළා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<