ආසියානු රටවල නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (15) සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති අවසාන මහා තරගයේ දී ඔවුන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළහ.
කමිඳු මෙන්ඩිස් කර මතින් ලංකාව අවසන් සටනට
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නැගී එන…….
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 270ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 267ක් පමණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සාර්ථක වූයේ නැත. පළමු පන්දු වාරයේ දී ම සඳුන් වීරක්කොඩි (04) දැවී යද්දී ලකුණු පුවරුව 5ක් තිබුණි. එසේ වූව ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් වඩාත් සාර්ථකව ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට හසිත බෝයගොඩ සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 87ක් දක්වා රැගෙන ගියහ.
හසිත බෝයගොඩ පන්දු 62කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 54ක් ලබා තම ඉනිම අවසන් කර ගත්තේ ය. අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 58කට මුහුණ දුන්නේ ය.
එම ලකුණු සබඳතාවට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් වැදගත් ලකුණු සබඳතාව ගොඩ නැගුණේ කමිඳු මෙන්ඩිස් සහ වනිඳු හසරංග අතර ය. ඒ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙනි. ඔවුන් එම කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී කමිඳු මෙන්ඩිස් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය.
Photos: Sri Lanka Vs. India | Final | ACC Emerging Asia Cup 2018
වනිඳු හසරංග පන්දු 26ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් ආඩම්බරකාර ලකුණු පුවරුවක් ගොඩ නැගීමට දායක විය.
ඊට අමතරව ශෙහාන් ජයසූරිය පන්දු 56ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේ ය.
මැතිව්ස් හා දිමුත්ගේ මෙහෙයුමට දික්වැල්ලගෙන් තල්ලුවක්
ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (15) ආරම්භ විය…
කඩුලු ලබා ගැනීමේ දී අන්කිට් රාජ්පුට් කඩුලු 2ක් දවා ගත්තේ ය.
ඉන්දීය ක්‍රීඩකයෝ තම පිළිතුරු ඉනිම ආරම්භ කළේම මදක් තැති ගැන්මෙන් යුතුව ය. ඔවුන්ගේ ඉනිම පළමු කඩුල්ල ලකුණු 19ක් වෙද්දී දවා ගැනීමට ශෙහාන් මධුශංක සමත් විය.
නමුත් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට ඔවුන් සමත් වූහ. එහි දී රුටුරාජ් ගයික්වාඩ් සහ හිමත් සිං වඩාත් පරිස්සම් වෙමින් මේ සබඳතාව ගොඩ නැගූහ. හිමත් සිං ශෙහාන් ජයසූරියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වද්දා ගනිමින් ඉනිම හැර යද්දී ලකුණු 18ක් ලබා සිටියේ ය.
අනතුරුව ඉනිමට තවත් ලකුණු දෙකක් පමණක් එක් වෙද්දී ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වාඩ් ද තම ඉනිම හැර ගියේය. ඔහු දැවී යන විට පන්දු 31කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියේ ය. ඒ හා සමඟින්ම සිව්වැනි කඩුල්ල ද පිටියෙන් ඉවත් කිරීමට ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මහත් භාග්‍යයක් විය. ඒ වෙද්දී ඉන්දීය ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 65ක් ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රවිශ්ඨයත් සමඟින් මදක් සසල වූ ඉන්දීය ක්‍රීඩකයෝ තරමක් මන්දගාමී වෙමින් ඉනිම ගෙන යන්නට විය. ඒ අනුව ඔවුන් නැවත හිස එසවූයේ 6 වැනි කඩුල්ල වෙනුවෙනි. නිටිෂ් රානා සහ නායක ජයන්ට් යාදව් එක්ව එම කඩුල්ලට ලකුණු 44ක් එක් කළහ. නිටිෂ් රානා පන්දු 48ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දැම්මේ ය.
සුපේෂල සහ ලහිරු පිත්තෙන් වැඩපෙන්වයි
අනතුරුව ඉන්දීය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා විය. ඒ ජයන්ට් යාදව් සහ ශාම්ස් මුලානි ඒක්ව වාර්තා කළ ලකුණු 107යි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජයන්ට් යාදව් පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 71ක් ලබා ගනිමින් දැවී ගියේ ය. ශාම්ස් මුලානි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46කි. ඔහු පන්දු 44කට මුහුණ දී හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.
ඉන්දීය ඉනිමේ 47 වැනි පන්දු වාරය ඔවුන්ගේ පරාජය සහතික කළ එකක් විය. අසේල ගුණරත්න විසින් යැවුණ එම පන්දු වාරයේ දී කඩුලු 3ක් දවා ගැනීමට අසේල සමත් විය. ඉන්දීය පන්දු වාර ප්‍රමාණය අවසන් වෙන විට අසේල ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් විය.
ඊට අමතරව ශෙහාන් ජයසූරිය සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2 බැගින් දවා ගත්හ.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙසින් කමිඳු මෙන්ඩිස් නම් කෙරුණි.
තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 270 (50) හසිත බෝයගොඩ 54, අවිශ්ක ප්‍රනාන්දු 29, ශෙහාන් ජයසූරිය 46, සම්මු අශාන් 20, කමිඳු මෙන්ඩිස් 61, වනිඳු හසරංග නොදැවී 31, අන්කිට් රාජ්පුට් 2/61
ඉන්දීය නැගී එන ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 267 (50) රුටුරාජ් ගයික්වාඩ් 31, නිටිෂ් රානා 40, ජයන්ට් යාදව් 71, ශාම්ස් මුලානි 46, ශේත් 28, ශෙහාන් ජයසූරිය 2/40, ලසිත් ඇඹුල්දෙණිය 2/37, අසේල ගුණරත්න 3/38
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<