සුපේෂල සහ ලහිරු පිත්තෙන් වැඩපෙන්වයි

755

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනයේ (15) කැපී පෙනෙන පිතිකරුවන් බවට පත් වීමට රාගම ක්‍රිකට් කණ්ඩායමේ සුපේෂල ජයතිලක සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ ලහිරු මිලන්ත සමත් විය.

සංගීත් – හෂාන් සහ චරිත් ශතක ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ…

රාගම ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

මුවර්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 337ක් ලබා ගත් අතර දෙවැනි දිනය අවසන් වන විට රාගම ක්‍රිකට් සමාජය කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 338ක් ලබා පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු හිමි කර ගැනීමට සමත් විය.

මුවර්ස් ඉනිමේ දී වමත් පිතිකරු සුපේෂල ජයතිලක ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. පන්දු 131කට මුහුණ දුන් ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තේ ය.

තරගය නතර කරන විට ඉෂාන් ජයරත්න පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියේ ය.

ඔවුන්ට අමතරව දිනෙත් තිමෝද්‍ය (45) සහ සමින්ද ප්‍රනාන්දු (42) ද ලකුණු අතරට පිවිසිය හ. ආක්ෂු ප්‍රනාන්දු ලකුණු 35ක් ලබා සිටිය දි ආබාධයකට ලක් වෙමින් පිටියෙන් ඉවත්ව ගියේ ය.

ඉනිමේ දුවද්දී දැවී යෑම් දෙකක් තිබෙන අතර පන්දු යැවීමේ දී දනෝෂ් රනෝදිත් ලකුණු 108කට කඩුලු දෙකක් දවා ගත්තේ ය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (84.2) චරිත් කුමාරසිංහ 102, ඉරෝෂ් සමරසූරිය 60, පබසර වඩුගේ 25, අදීශ තිලාංචන 40, කෙෂාන් විජේරත්න 26, ශිරාන් ප්‍රනාන්දු 40, ඉෂාන් ජයරත්න 2/54, මොහොමඩ් අලි 3/73, අමිල අපොන්සු 3/117, කල්හාර සේනාරත්න 2/49

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 338 (90): දිනෙත් තිමෝද්‍ය 45, සමින්ද ප්‍රනාන්දු 42, සුපේෂල ජයතිලක 114, ආක්ෂු ප්‍රනාන්දු නොදැවී 35, ඉෂාන් ජයරත්න 52, අමිල අපොන්සු නොදැවී 25,දනෝෂ් රනෝදිත් 2/108


එස්. එස්. සී. කණ්ඩායම සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙන කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා සිටි අතර අද තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 365ක් ලබා ගත්හ.

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ ප්‍රියමාල් පෙරේරා ය. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කවිශ්ක අංජුල ලකුණු 34ක් ලබා ගත්තේ ය.

ඊයේ දිනයේ කඩුලු 4ක් දවා ගත් සචිත්‍ර සේනානායක අද තවත් කඩුලු 3ක් දවා ගනිමින් ලකුණු 88කට කඩුලු 7ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ දෙවැනි දිනය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබා සිටියහ. එම ඉනිම වෙනුවෙන් චාමර කපුගෙදර පන්දු 77කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියේ ය.

ඊට අමතරව කෞෂාල් සිල්වා (45) සහ කවිඳු කුලසේකර (43) ද ලකුණු අතර සිටිය හ. කඩුලු ලබා ගැනීමේ දී මහීෂ තීක්ෂණ ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 365(108.1) සංගීත් කුරේ 119, හෂාන් දුමිඳු 119, ප්‍රියමාල් පෙරේරා 51, කවිශ්ක අංජුල 34, තරිඳු රත්නාය 99/3 සචිත්‍ර සේනානායක 7/88

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 223 (62): කෞෂාල් සිල්වා 45, කවිඳු කුලසේකර 43, ක්‍රිශාන් සංජුල 22, චාමර කපුගෙදර නොදැවී 57, සචිත්‍ර සේනානායක නොදැවී 25, මහීෂ තීක්ෂණ 4/54

මැතිව්ස් හා දිමුත්ගේ මෙහෙයුමට දික්වැල්ලගෙන් තල්ලුවක්

ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (15) ආරම්භ විය. තරගයේ පළමු දිනය…


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම පළමු දිනය අවසන් වෙන විට කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිමට ලකුණු 386ක් ලබා ගත්හ.

අද දිනයේ ලකුණු ලබා ගැනීමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූවේ යසෝද මෙන්ඩිස් ය. ඔහු පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඉනිම අවසන් වෙන විට ලක්ෂාන් මධුශංක නොදැවී ලකුණු 30ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ ලහිරු මිලන්ත ලකුණු 33කට කඩුලු 4ක් බැගින් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 209ක් ලබා සිටිය හ.

ටැමිල් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 193ක සබඳතාවක් එක් කිරීමට සිතාර ගිම්හාන් සහ ලහිරු මිලන්ත දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. එහි දී සිතාර ගිම්හාන් පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේ ය.

ලහිරු මිලන්ත ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට පන්දු 128ක් වැයව තිබූ අතර හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඉනිමට ඇතුලත් විය.

ටැමිල් ඉනිමේ දැවී ගිය කඩුලු 2කම ලක්ෂාන් මධුශංකට හිමි විය.

යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 386 (128) ලක්ෂිත මධුශාන් 36, අශාන් රන්දික 53, දුශාන් විමුක්ති 50, ඩිල්ශාන් ද සොයිසා 51, සංජික රිද්ම 64, යසෝද මෙන්ඩිස් 55, ලක්ෂාන් මධුශංක නොදැවී 30, සචිත්‍ර සේරසිංහ 2/65, සදීෂ් පතිරණගේ 2/75, ලහිරු මිලන්ත 4/33

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 209 (50) සිතාර ගිම්හාන් 93, ලහිරු මිලන්ත 103, ලක්ෂාන් මධුශංක 2/54


එන්. සී. සී. කණ්ඩායම සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් පෙර දිනයේ ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 321ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම එම ලකුණු ප්‍රමාණයටම අවසන් විය.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 193ක් පමණි. එම ඉනිමෙ වැඩිම ලකුණු ලාභියා වූයේ හර්ෂ කුරේ ය. ඔහු පන්දු 66කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ඩිලේශ් ගුණරත්න ලකුණු 52කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව චතුරංග ද සිල්වා සහ නිශාන් පීරිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 128ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එන්. සී. සී. කණ්ඩායම තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 117ක් ලබා සිටිය හ.

එහි දී ලහිරු උදාර පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පැතුම් නිශ්ශංක ද පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා නොදැවී පිටියේ රැඳී  සිටියේ ය.

බිඳ වැටුණ කඩුලු දෙකේ ම හිමිකාරිත්වය චතුරංග ඩිල්ශාන් සතු විය. 

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.4) ලහිරු උදාර 66, පැතුම් නිශ්ශංක 77, චතුරංග ද සිල්වා 48, මාලිංග අමරසිංහ 21, සාරංග රාජගුරු නොදැවී 23, සචින්ත පීරිස් 29, චතුරංග ඩිල්ශාන් 4/88, සාගර් පරේෂ් 4/74

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (62.5) නිසල් ෆ්‍රැන්සිස්කෝ 28, ඔසඳ ප්‍රනාන්දු 26, හර්ෂ කුරේ 48, ඩී. ගුණරත්න 5/52, චතුරංග ද සිල්වා 2/53, නිශාන් පීරිස් 2/26

එන්. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 117 (22) ලහිරු උදාර නොදැවී 78, පැතුම් නිශ්ශංක නොදැවී 27, චතුරංග ඩිල්ශාන් 2/42

බංගලාදේශ විස්සයි විස්ස සංචිතයට ප්‍රබලයින් දෙදෙනෙක්

තරග තුනකින් සමන්විත බංගලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ…


සී. සී. සී. කණ්ඩායම සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 317ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම ලකුණු 383ක් වෙද්දී අවසන් විය.

අද දිනයේ දී මනෙල්ක ද සිල්වා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 160ක් ලබා සිටිය හ. එහි දී අශේන් සිල්වා පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

ඊට අමතරව ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ලහිරු ගමගේ ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

සී. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 383 (100.3) රොන් චන්ද්‍රගුප්ත 45, අශාන් ප්‍රියන්ජන් 53, ලසිත අබේරත්න 26, මිනෝද් භානුක 88, ලහිරු මධුශංක 75, මනෙල්කද සිල්වා  33, රොෂේන් ප්‍රනාන්දු 4/66, සචිත් පතිරණ 3/66

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 160 (70) ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 54, අශේන් සිල්වා නොදැවී 80, ලහිරු ගමගේ 2/18

හෙට (16) මෙම තරග සියල්ල ම තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<